විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නිසා ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට නොහැකි වුණා – කථානායක මහින්ද යාපා අබේවර්ධන

 

 

ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් සම්බන්ධයෙන් කිසිවකුට දොස් පැවරීමෙන් පලක් නැති බවත් පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට නොහැකි වූයේ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නිසා බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේ ද පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් මඟින් යොමුකරනවා. ව්‍යවස්ථාව පරිදි කටයුතු කළ යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. එය අභිභවා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි සති දෙක තුළ පත් කරනවා.

ව්‍යවස්ථාදායක සභාවේ පත්වීම ගැන මම ජනාධිපතිවරයාට පැහැදිලි කර යවන්නම්. මේකේ ව්‍යවස්ථාවේ තිබෙන 22 වැනි සංශෝධනයේ යම් අඩුවක් නිසයි මේ ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *