ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වෙළෙඳ හා ආයෝජන රාමු වැඩපිළිවෙල (TIFA) සඳහා නව ගිවිසුමකට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අලුත් කරන ලද වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමකට (TIFA) ඊයේ අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් AMPMB අතපත්තු යන මහත්වරු ඊයේ කොළඹදී නව ගිවිසුමට අත්සන් තැබූහ. ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහකාර අමාත්‍ය ටීම්ස වොට්ස් මහතා සහ ශ්‍රී ලංකාවේ වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම අත්සන් කිරීම සිදුවිය.
මෙම ගිවිසුම මගින් අධ්‍යාපනය, සංචාරක, කෘෂිකර්මය සහ පතල් කැණීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් වෙළඳ සහ ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කරනු ඇත. මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම, වෙළඳපල ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම පිරිසිදු බලශක්තිය, ඛනිජ සහ සේවා වැනි නැගී එන අංශ ගවේෂණය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සැලසීම මෙමගින් සිදුවනු ඇත.
