|

මේ වසරේ ඩොලර් බිලියන 25 ක් රට තුළට

 

මෙම වසර තුළ මෙරටට ලැබෙන සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර බිලියන 25 ක් ඉක්මවනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13 ක්, විදේශ ප්‍රේෂණ  මගින් බිලියන 6 ක්, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2.4 ක් ලැබෙනු ඇති බව රජය ගණන් බලා තිබේ.

මෙම වසරේ මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියනයක් පමණක්  වුවත් එය බිලියන තුනක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බව දිලුම් අමුණුගම ඇමතිවරයා ප්‍රකාශ කොට තිබිණි. එම මුළු මුදල එකවර මෙරටට නොලැබුණ ද බිලියන දෙකක පමණ ලැබීම් අපේක්ෂා කළ හැකි බව කියති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අනුමත ණය මුදලින් වාරික දෙකක් ලෙස ඩොලර මිලියන 700 ක් පමණ ලැබීමට නියමිත ය. ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව ආදියෙන් ලැබෙන ණය සහ ප්‍රදාන ආදිය ද විදේශ විනිමය ලැබීම් ලෙස සැලකේ.

මෙම සියල්ල ගණන් බැලු විට සමස්ත විනිමය ලැබීම් ( ඩොලර් ලැබීම් ) ප්‍රමාණය ඩොලර බිලියන 25 ක් ඉක්මවන  බව කියති.

මෙම ලැබෙන විනිමය මගින් ආනයන වියදම් පියවා ගැනීමටත් , අත්‍යවශ්‍ය ණය ගෙවීම් කිරීමටත් මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමටත් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *