මහින්ද රාජපක්ෂගේ නිවේදනයට ශ්‍රිලනිපයෙන් තද බල ප්‍රතිචාරයක්
සම්පාදනය කිරීමට නියමිත නව ව්‍යවථාවෙන් රට බෙදෙන බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප්‍රකාශයට ශ්‍රිලනිපයෙන් තදබල ප්‍රතිචාරයක් දැක්වීමට නියමිත බව යුක්තියට දැනගන්නට ඇත. බුද්ධාගමට හිමි තැන හා ඒකීය භාවය වෙනස් නොකරන බව පවසා තිබිය දි මෙවැනි ජාතිවාදි ප්‍රකාශක් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂය යම් පක්ෂපාතිත්වයක් දැකවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු පවා කළකිරීමට පත්වී ඇතිබව වාර්තාවේ. 13 වෙනි සංශොධනයෙන් ඉඩම් හා පොලිස් බලතල දැනටමත් අයත් වන්නේ පලාත් සභාවලට ය. එසේ තිබිය දී යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඉඩම් සහ පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත්කරන බව පවසන්නේ ජාතිවාදය අවුස්සා ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට බව ඔවුන්ගේ අදහස ය.
