ජයම්පතිට මරණ තර්ජන බාහුට ප්‍රහාරයක්
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් නොවන්නේ නම් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා හා ඔහුගේ පවුලේ අයවලුන් මරා දමන බවට තර්ජණය කරමින් නිර්ණාමික ජංගම දුරකථන ඇමතුමක් ලැබි ඇතිබව යුක්තියට වාර්තාවේ. දැනගන්නට ඇති ආකාරයට මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාරය වික්‍රමරත්න මහතා කථානායක කරු ජයසූරියට මේ පිළිබඳව දැණුම් දී ඇති බව ද දැනගන්නට තිබේ. යුක්තිය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව පාර්ලිමේනුවේදි විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ය.
මෙයට දින කිහිපයකට ඉහත දී නව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට ද මැර ප්‍රහාරයක් එල්ල වූ බව මාධ්‍යයේ පළවිය. යථාවාදි විමසුමක් මැයෙන් ඒ මහතා විසින් රචනා කෙරුනු පොතක් දොරට වඩා රාත්‍රි ආහාර ගැණිමට තම මිතුරන් දෙදෙනෙකු සමග තලවතුගොඩ රෙස්ටුරන් එකකට ගිය අවස්ථාවේ දී මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇත. ආචාර්ය කරුණාරත්න මහතා පවසන ආකාරයට ජාතිය පාවා දෙන ද්‍රෝහියා කියමින් එකි මැරයා පහර දී ඇති අතර තම මිතුරන් දෙදෙනා මැදිහත් වී පහරදීම වලකා ඇත. තවද පොලිසියට ජංගම දුරකථනයෙන් දැණුම් දීමත් සමග පහර දුන් මැරයා පලාගොස් තිබේ. පොලිස් පරික්ෂණ දිගටම පැවැත් වේ.
