උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවතට ; යෝජනාව මැතිසබයට !

මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත්කිරීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.
ලැදියාවන්ගේ ගැටුම් ඇතුළු ඇතුළු චෝදනා ගණනාවක් මත මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන බව කියති. ඒ සඳහා ජනක රත්නායක මහතාට එල්ල වූ චෝදනා සහ ඒවාට ඒ මහතාගේ පිළිතුරු ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීමට නියමිතය.
මුදල් අමාත්‍යංශය විසින් සකස් කොට ඇති වාර්තාව සමග ජනක රත්නායක මහතා ඉවත්කිරීමේ යෝජනාව ද ඉදිරිපත් කෙරෙනු ඇත.
අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කිරීමෙන් රත්නායක මහතා තනතුරින් ඉවත් කළ හැකි ය.
මේ අතර විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සමග මහජන උපයෝගිත කොමිසම වෙනුවට වෙනත් නව නියාමන ආයතනයක් අලුතින් පිහිටුවීමට නියමිත බව ද වාර්තා වෙයි.
