විපක්ෂ සන්ධානයේ හෙලිකොප්ටර් ගමන අවසන් !

පළාත් පාලන මැතිවරණය තරග කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් ගනනාවක් එක්ව හෙලිකොප්ටරය ලකුණ යටතේ පිහිටුවාගෙන තිබු නිදහස් ජනතා සන්ධානය මේ වන විට බිඳී විසිරී ගොස් අවසන් බව දේශපාලන අංශ වාර්තා කරයි.
පළාත් පාලන මැතිවරණය කල් යාමත් විපක්ෂයේ පක්ෂ අතර මත භේද උග්ර වීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇත.
මෙහි ප්රධාන පාර්ශවයක් වන ඩලස් අලහප්පෙරුම මහතා නායකත්වය දරන නිදහස ජාතික සභාව සන්ධානයෙන් ඉවත්වීමට නිල වශයෙන් තීන්දු කොට ඇති බව ද වාර්තා වෙයි.
නිදහස ජාතික සභාව, උත්තර ලංකා සභාගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙම සන්ධානයේ ප්රධාන හවුල්කරුවෝ වුහ.
මෙම සන්ධානයට සම්බන්ධව සිටි ඇතැම් මන්ත්රීවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ද කියති.
