බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් අඩු කරයි

ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා වැඩි දුරටත්  පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *