ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවි සැරියට සමු දෙයි

ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභවප්‍රාප්ත වී තිබෙයි
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 81 පසුවිය
1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් ලංකාව පුරා පතුරවමිනි
සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කර ඇත.
රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට  බව සඳහන් වෙයි
ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *