අයි එම එෆ් ණය මිලියන 100 කින් වැඩි කරයි

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා දීමට එකඟ වී සිටි ජාත්යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය බිලියන තුනක මුදලක් අනුමත කළ බව ඊයේ නිවේදනය කළේය. මෙය ඩොලර් මිලියන 100 ක ඉහළ දැමීමකි.
මුල්‍ය අරමුදලින් එක් එක් සාමාජික රටට ලබාගත හැකි ණය ගණනය කිරීමේ ක්‍රමවේදයක් ඇති අතර බිලියන 2.9 ක ණය මුදලක් ගණන් බලා තිබුණේ ඒ අනුව ය.
අධ්‍යක්ෂ මණ්ඩලයට හිමි බලතල අනුව එය තවත් මිලියන සියයකින් වැඩි කොට බිලියන තුනක් හෙවත් මිලියන 3000 ක් අනුමත කොට ඇත.
එහි පළමු වාරිකය ලෙස ලැබෙන මුදල මිලියන 333 කි.
