ඇත්ත නොකී මැතිවරණ කොමිසම අධිකරණයෙන් ඉල්ලන් කෑ බවට චෝදනාවක් !

පළාත් පාලන මැතිවරණයට මුදල් නොලැබීම ඇතුළු එය පැවැත්වීමේ අපහසුතා ගැන අධිකරණයට කරුණු කීම වෙනුවට මැතිවරණය පැවත්වීමට සියලු කටයුතු කර ඇතැයි මැතිවරණ කොමිසම අධිකරණය පැවසීම නිසා මැතිවරණය පැවත්වීමට හෝ මුදල් ලබා ගනීමට හෝ අධිකරණ නියෝග ලබාගත නොහැකි වූ බව දේශපාලන අංශ වල කතා බහට ලක්ව ඇත.
ඔවුන් කියන්නේ ඡන්දය පැවැත්වීමට ප්රශ්නයක් නැතැයි මැතිවරණ කොමිසම කී නිසා අධිකරණය ඒ ගැන කිසිදු තීන්දුවක් ලබා දී නැති බවයි.
ඒ අනුව මැතිවරණයට මුදල් දිය යුතු බවට නියෝගයක් ද නිකුත් වී නැත. මුදල් සපයාගැනීම ඉතා අපහසු නමුත් කඩින් කඩ මුදල් දෙන බවට භාණ්ඩාගාර ලේකම් වරයා දිව්රුම් ප්රකාශයක් මගින් කරුණු දක්වා ඇත. ඒ අනුව රුපියල් මිලියන 10 ක් මේ වන විට ලබා දී ඇති බව වාර්තා වී තිබේ.
අනෙක් මුදල් කවදා කෙසේ ලබා දෙන්නේ ද යන්න ගැන කිසිදු එකඟතාවක් හෝ නියෝගයක් ලබාගැනීමක් හෝ සිදු වී නැත.
නිසි කලට මුදල් නොලැබුණහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන මැතිවරණ කොමිසම අධිකරණය නිසි කරුණු දැක්වීමක් නොකිරීම නිසා දැන් කොමිසම අපහසුතාවයට පත්ව ඇති බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.
