උපයෝගිතා කොමිසම රැස්වෙන්න පෙර සභාපති තීන්දු දීලා ; කොමිසමේ සාමාජිකයින්ගෙන් පැමිණිලි

මහජන උපයෝගිතා කොමිසමට කැබිනට් මණ්ඩලය යැවූ මාර් ගෝපදේශ සම්බන්ධයෙන් තීරණ ගැනීමට කොමිසම රැස්කරන ලද්දේ ජනවාරි 12 දා වුවත්, එම කැබිනට් තීරණ කොමිසම ප්‍රතික්ෂේප කරන බව ජනවාරි 5 දා සිට මාධ්‍යයට ප්‍රකාශ කරමින් කොමිසමේ සභාපති බලය ඉක්මවා ක්‍රියා කළ බව එහි සෙසු සාමාජිකයින් පැමිණිලි කොට ඇත.
ජනවාරි 12 දා රැස්වීමේ දී ද තමන්ගේ මතයට කන් නොදී සභාපතිවරයා ඒකාධිපතියකු ලෙස හැසිරුණු බව ද ඇතැම් සාමාජිකයින් බල ශක්ති ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමේ සාමාජිකයින් කැඳවා උපදෙස් දී ඇත්තේ ඔවුන් මෙම තත්ත්වය වාර්තා කිරීමෙන් පසුව ය.
කොමිසම වෙනුවෙන් තීරණ ගැනීමට සභාපතිට බලයක් නැති අතර එසේ ප්‍රකාශ කළ සියලු තීරණ නීති විරෝධී බව කියති.
කොමිසම නොකැදවා කොමිසමේ තෙරණ ලෙස ප්‍රකාශ කිරීම පමණක් වුවත් සභාපතිවරයා ඉවත් කිරීමට ප්‍රමාණවත් චෝදනාවක් බව කියති.
කොමිසම රැස් වන්නට පෙර කොමිසමේ තීරණ ලෙස සභාපතිවරයා කළ ප්‍රකාශ සියලු මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබීම සභාපතිවරයාට එරෙහිව ප්‍රබල සාක්ෂි වන බව ද කියති.
