මැතිවරණයට සියල්ල සුදානම් – කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
පළාත් පාලන මැතිවරණ පනතට සහ අදාළ රෙගුලාසිවලට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වී තිබේ.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවට මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමෙ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු තිබුණි.
මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

