‘සමන් මම එන්නම්. හැබැයි අගමැතිතුමාට ඇඩ් දාන්ඩ බෑ කියන්න’
මේ බව නැණ නුවණින් වටහාගෙන, ගිනි තබනවා වෙනුවට ගිනි නිවීම අරමුණු කොට ගත් අගමැතිවරයාගේ එක්තරා උපදේශකයෙක්, මෙම ප්රශ්නය තිරසාරව විසදාලීම සඳහා අවැසි පියවර ගනු ලැබීය. ඔහු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට එකසේ හිතවත් තවත් පුද්ගලයෙකු තම සද්කාරය උදෙසා උපයෝගී කොට ගත්තේය.
මෙම ප්‍රශ්නයට මැදිහත් වූ අගමැති උපදේශකවරයා අන්කවරෙකුවත් නොව ස්වාධීන රූපවාහිනී සේවයේ මේ වන විට වැඩබලන සභාපති ධූරය හොබවන ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාය. අතාවුදහෙට්ටි මහතා තම පැසුණු නුවණින් කල්පනා කොට මේ සඳහා මැදිහත් කර ගත් ඊළඟ පුද්ගලයා වූයේ ජනප්‍රිය නළු සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාය.
‘රන්ජන් ඔයා ජනාධිපතිවත් අගමැතිවත් හොදට දන්න කෙනෙක් විදිහට මේ ප්‍රශ්නෙට වහාම මැදිහත් වෙන්න. ඔයා ඉස්සර වෙලා ජනාධිපතිතුමාව හම්බවෙලා විස්තර අහගෙන ඊගාවට ඇවිත් අගමැතිතුමාව හම්බවෙන්න’ යනුවෙන් අතාවුදහෙට්ටි මහතා රාමනායක මහතාට යෝජනා කර තිබේ.
‘සමන් මම එන්නම්. ප්‍රශ්නෙටත් මැදිහත් වෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් පිට. ඒ තමයි මං ඇවිල්ලා තියෙන ප්‍රශ්න පැහැදිලි කරන කොට අගමැතිතුමාට ඇඩ් දාන්න බෑ කියන්න’
රන්ජන් රාමනායකගේ පිලිතුරෙන් අන්ද මන්ද වී ඇති සමන් අතාවුදහෙට්ටි
‘මොකක්ද රන්ජන් ඇමතිතුමා ඇඩ් දානවා කියන්නෙ?. ඇඩ් දාන්නෙ නිවුස් චැනල්වලනෙ.’
‘හරියට හරි සමන්. ගොඩක් නිවුස් චැනල්වල නිවුස් මැද්දට ඇඩ් දානවා. ඒක හරිම බාධාවක් නිවුස් එක තේරුම් ගන්ඩ. අගමැති තුමත් ඒවගේ. අපි ඇවිල්ලා අපේ තොරතුරක් විනාඩි 2 ක් එතුමට කියද්දි එතුමා ඒක නවත්තල විනාඩි 20 ක් විතර එතුමාගෙ ලෙක්චර් එක පටන් ගන්නව. අන්තිමට අපිට කියපු දේවලුත් අමතකයි. ඒක නිසා අගමැතිතුමා මැද්දෙ ඇඩ් දාන්නෙ නැත්නම් මම වැඩේට බහින්නම්’ යනුවෙන් රන්ජන් රාමනායක පිලිතුරු දී ඇත.
පසුව සමන් අතාවුදහෙට්ටි මහතා ඇඩ් කතාව අගමැතිවරයාට පැවසූ විට ඔහු මහ හඩින් සිනාසී ‘හරි හරි මං ඇඩ් දාන්නෑ රන්ජන්ට එන්න කියන්න’ යනුවෙන් පවසා තිබේ.
ෆවුසිට නඩු දැමීම ජනාධිපතිට දැනුම් දී නෑ
පදනම් ආයතනයේදී කළ කතාවේ ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට පහර දුන්නේ ඇයි දැයි රන්ජන් රාමනායක මහතාට විස්තර කරමින් පවසා ඇත්තේ ‘ෆවුසි ඇමතිතුමාට අල්ලස් කොමිසම නඩුදාලා තියෙන්නෙ ආපදා කලමණාකාර ඇමති වශයෙන් කටයුතු කරපු කාලේ එම අමාත්‍යංශය යටතෙ තිබ්බ විශේෂ වාහනයක් පාවිච්චි කරා කියල. ඒ වාහනයේ සුනාමියෙන් පස්සෙ අපේ රටට හම්බවෙච්ච තෑග්ගක්. ඒකෙ තියෙනවා සුනාමි තත්වයක් ඇතිවෙන කොට හදුන ගන්න පුළුවන් විශේෂ සිග්නල් ක්‍රමයක්. ඒක ෆවුසි ඇමතිතුමා පාවිච්චි කරල තියෙන්නෙ තමන්ගෙ නිල වාහනය රෙපයාර් කරනකම්. නමුත් ඒ බවක් කියන්නැතුව අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක්ට එන්න කියල ඔහු බෑ කියද්දි ඔහු ලව්වා බලෙන් ප්‍රකාශයක් අරගෙන ඇමතිතුමා මේක බලෙන් අරන් ගියා කියල. ඔය වගේ මං යටතෙ ඉන්න ශ්‍රීලනිපයේ 13 දෙනෙකුට අල්ලස් කොමිසම නඩු පවරන්න කටයුතු කරලා. එකෙන් වෙන්නෙ ඒ මිනිස්සුත් ආයි මහින්ද පස්සෙ යන්ඩ පටන් ගන්න එක. අල්ලන්න පුළුවන් ලෝක හොරු නිදැල්ලෙ ඉදිද්දි අල්ලස් කොමිසම අල්ලන්නෙ කූනිස්සො හාල්මැස්සො’ කියාය.
ජනාධිපතිවරයාගේ කතාවට සාවධානව ඇහුම්කන් දී ඇති රන්ජන්ට එතුමා වැඩි දුරටත් පවසා ඇත්තේ ‘දූෂණ සෙවීමේ කොමිසම මේ දක්වා ඒ ගොල්ලන්ගෙ කිසිම වාර්තාවක් මට දීලා නෑ. මං දන්නෑ එතන මොනව වෙනවද කියල. ඒ කොමිසමේ අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි, නීතිපති දෙපාර්තමේන්තුවෙ යසන්ත කෝදාගොඩ, ජේෂ්ඨ නීතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ සියළුම අය ඉන්නව. ඒ ගොල්ලො මාසෙකට සැරයක් රැස් වෙන්නෙ සාගල රත්නායක ඇමතිතුමාගෙ ප්‍රධානත්වයෙන්. රටේ විධායකයේ ඉහලම තැනැත්තා විදිහට ඒ අයට යුතුකමක් තියෙනවා සිද්ධ වෙන්නෙ මොනවද කියල මටත් දැනුම් දෙන්න. ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට ගියහම මම එක එක්කෙනාගෙ කටවල් දිහා බලන් ඉන්නව. අරය ඇල්ලුවා මෙයා ඇල්ලුවා අරයට නඩු දැම්මා මෙයා හිරේ දැම්මා කියල ඒ අය කියද්දි මම පඹයෙක් වගේ උඩ බලන් ඉන්නව. මාව නිකන් විහිළුවක් ගානට ඒ අය ගණන් ගන්නෙ’ යනුවෙනි.
‘මට හමුදා බුද්ධි අංශයෙන් දෙන බුද්ධි වාර්තා කොහෙත්ම සුභ දායක නෑ. මේ ළඟදි මන්නාරම පැත්තෙ ගස් කැපුවා කියල හමුදා සෙබළු කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන. තව 1997 වෙච්ච මිනී මැරුමකට පහුගිය සතියෙ හමුදාවෙ 10 දෙනෙක්ව රිමාන්ඩ් කරලා. හමුදා බුද්ධි අංශයෙ සාමාජිකයො කීප දෙනෙක් මාස 16 ක් රිමාන්ඩ් එකේ. මේ තත්වෙට වහාම පිලියමක් යෙදුවෙ නැත්නම් හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙයි කියල ඒ අය මට දැනුම් දීලා තියෙනවා. මං මේ හැම එකක් ගැනම හිතන්න ඕනෙ’ යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ දෑ රන්ජන් රාමනායක පවසද්දී අගමැතිවරයා ඇඩ් දැමීමකින් තොරව සාවධානව ඇහුම්කම් දී තිබේ.
ජනපති අගමැති එකට පෙරහැර බලලා
එවිටම පොලොන්නරුවේ සිට කොළඹ බලා ඒමට පිටත්වන ජනාධිපතිවරයා ගුවන් ගත වීමට ප්‍රථමව රන්ජන් රාමනායකව අමතන විට ඔහු සිට ඇත්තේ අගමැතිවරයා සමගය. එවිට රන්ජන් ජනාධිපතිවරයාට ‘සර් මම අගමැතිතුමාට සම්පූර්ණයෙන්ම කරුණු පැහැදිලි කළා. එතුමා පිලිගන්නවා යම් කිසි වරදක් සිද්ධ වෙලා තියෙනවා කියල. එතුමා වහාම ඒක හරි ගස්සන්න පොරොන්දු වුනා’යනුවෙන් පවසද්දී ජනාධිපතිවරාය පවසා ඇත්තේ ‘අගමැතිතුමාට කියන්න ඕක ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි දිගටම අපේ වැඩ ටික කරගෙන යමු කියලා. අද රූ වාලුකාරාමෙ පෙරහැර බලන්න එන්න කියන්න. මාත් එනවා. ඊට පස්සෙ අපට හමුවෙලාම කතා කර ගන්න පුළුවන් ‘ කියාය.
ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඊයේ (13) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයේ පෙරහැර එකට සිට නරඹා ඇති අතර පෙරහැරෙන් අනතුරුව දෙදෙනා පමණක් මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
LANKANEWSWEB
