අධිකරණ ක්‍රියා මාර්ගයකින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කළ හැකියි – පැෆරල්

අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමේ හැකියාවක් ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය, මැතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ පනත, තරුණ නියෝජනය, සීමා නිර්ණය වැනි කරුණු ගැන අධිකරණයට කරුණු දක්වා මෙලෙස මැතිවරණය ප්‍රමාද කිරීමේ හැකියාව ඇත.
