පාර් ලිමෙන්තුවේ විධායක සභාවට අයි එම් එෆ් , ලෝක බැංකු හමුවක් – ජනාධිපති පොරොන්දු වෙයි

රටේ ආර්ථික තත්ත්වය තත්ත්වය සහ ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර් ලිමෙන්තුවේ විධායක සභා සාමාජිකයින් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡාවක් සුදානම් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අයවැය විවාදයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අද මේ බව කී ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව සමග ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් පසුගිය දා පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය දීම සඳහා එම සංවිධානවල සාමුහික වැඩ පිළිවෙලක් අවශ්‍ය බව එහි දී තීරණය වී ය.
