වාර් තාව බාගෙට කියවා ජනතාව නොමග යවන්න එපා – ඇමැති කංචනගෙන් හිටපු ඇමැති චම්පිකට දැඩි ප්රහාරයක්

ජල විදුලි සහ පුනර් ජනනීය බලශක්ති බලාගාර රජය යටතේ තිබිය යුතු බව විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වාර්තාවේ පැහැදිලිව තිබිය දී එක්කෝ වාර් තාව බාගෙට කියවා හෝ එසේ නැතිනම් හිතා මතාම හෝ එම බලාගාර පුද්ගලික අංශයට දෙන්නට යෝජනා කොට ඇති බව කියමින් ජනතාව නොමග හරින්නට ක්රියා නොකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා හිටපු ඇමැති චම්පික රණවක මහතාගෙන් අද ඉල්ලා සිටියේ ය.
එමෙන් ම වහින දිනවල විදුලි ඉල්ලුම අඩුවන බවත්, පැය දෙකයි විනාඩි විස්සක විදුලිය කපන බවත් දැන දැන ම එබඳු දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 35 ක් බව කියා ලබන වසරේ දිනකට ගිගාවොට් පැය 47 ක් යන පුරෝකථනය වැරදි යයි කීම වංචාකාරී නොමග යැවීමක් බව ද ඇමතිවරයා කී ය.
විදුලි බල මණ්ඩලය ලාබ ලබන බව කීම තවත් බොරුවක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
කමිටු වාර් තාව තමන්ට ලැබුණේ ආණ්ඩුවෙන් නොවන බවට රණවක මහතා කළ ප්රකාශයට පිළිතුරු දුන් ඇමැතිවරයා දුරකථන දත්ත පෙන්වමින් කීවේ නොවැම්බර 28 දා වාර්තාව වට්ස් අප් මගින් රණවක මහතාට යවන ලද්දේ තමා විසින් ම බව යි.
විදුලිබල පනතේ කොමාවක් වෙනස් කර ගැනීමට නොහැකිව වසර නවයක් ගත කොට දැන් තමා ඒ සියල්ල කරන විට ඉරිසියා නොකරන ලෙස ද ඇමැතිවරයා හිටපු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
