පොහොට්ටුවේ ජනප්‍රියතාවය සියයට 40 ට අඩුයි !- බැසිල්ගේ සමීක්ෂණ වාර්තාවකින් කියයි

 

රටේ ජනමතය පිලිබඳ තමන් කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර ජනමතය බෙදී ඇති බවත්, එම කිසිදු බලවේගයකට සියයට 40 ඉක්මවූ ජනප්‍රියතාවයක් නැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

වයඹ පළාත තුළ තවමත් තම පක්ෂය ඉදිරියෙන් සිටින බවත්, මධ්‍යම පළාතේ ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් ඒ මහතා කියයි.

දකුණේ ඇතැම් ප්‍රදේශවල ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව ද ඒ මහතා කියා ඇත.

මාස එකහමාරකට පෙර මෙම සමීක්ෂණය කර ඇත්තේ 10,000 ක නියැදියක් යොදාගෙනය.

කොළඹ බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති පක්ෂ සංවිධායක රැස්වීමක දී බැසිල් රාජපක්ෂ මහතා මෙම තොරතුරු හෙළිකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *