සජබ මන්ත්‍රීනිය ජනාධිපති හමු වී පොහොට්ටු ඇමතිගේ ඉඩම් බෙදීමක් නවත්තලා !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ ඇමැතිවරයා ලග්ගල ප්‍රදේශයේ රජයේ ඉඩම් බෙදා දීමට කළ සැලසුමක් තමා ජනාධිපතිතුමා හමු වී නවතාගත් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය අද ප්‍රකාශ කළාය

රොෂාන් රණසිංහ ඇමැතිවරයා ලග්ගල ප්‍රදේශයේ තම හිතවතුන් පිරිසකට මෙම ඉඩම් බෙදා දීමට සැලසුම් කොට තිබු බව මන්ත්‍රීතුමිය පැවසීය.

තමන් කිසිදු ඉඩම් බෙදීමක් නොකළ බව කී රොෂාන් රණසිංහ ඇමැතිවරයා රජයේ ඇමැතිවරයකු වන තමන් ගැන විශ්වාසය නොතියා ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීනියගේ කීම පිළිගත්තේ නම් එය වරදක් බව ද කී ය.

තමන් මේ ගැන ජනාධිපතිතුමාගෙන් විමසන බව ද ඒ මහතා පැවසීය.

පාර් ලිමෙන්තුවේ අද පැවති අයවැය විවාදයේ දී මෙම කරුණු ප්‍රකාශ වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *