උපයෝගිතා කොමිසමේ අනුමැතිය නැතත් විදුලි බිල වැඩි කළ හැකියි – විදුලි බල මණ්ඩලය

මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමකින් තොරව විදුලි ගාස්තු ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කොට ඇත.
විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බැවින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කිරීමක් අවශ්‍ය නොවන බව විදුලිබල මණ්ඩලය කියයි
වැඩි කිරීමට නියමිත විදුලි ගාස්තු ගණනය කිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ද විදුලිබල මණ්ඩලය පවසා තිබේ.
කෙසේවෙතත් ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල තීරණ විදුලිබල පනතට අනුකූල වන්නේ නම් කොමිසමට එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
