රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයක් හදමු ! – ජනාධිපති පාර් ලිමෙන්තුවේ දී යෝජනා කරයි

ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සඳහා ඉඩ සලසා දෙමින් ඒවා නියාමනය කිරීමේ නීති හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර් ලිමෙන්තුවේ දී යෝජනා කළේය. අධ්‍යාපනය සඳහා විදේශ ගතවන ශ්‍රී ලංකික සිසුන් වියදම් කරන ඩොලර් බිලියන 3 කට වැඩි මුදල මෙරටට ඉතිරි කර ගැනීමට මෙන් ම තවත් ඩොලර බිලියන 10 කට වැඩි මුදලක් උපාය ගැනීමට එමගින් හැකිවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මෙම ක්ෂේත්‍රය රජයේ නොවන විශ්ව විද්‍යාල ලෙස පැවතිය යුතු බවත්, ලාබ නොලබන ආයතන , පෞද්ගලික ආයතන සහ විදේශ විශ්ව විද්‍යාලවල ශාඛා ආදී සියල්ලට එහි ඉඩ ලබාදිය යුතු බව කී ජනාධිපතිතුමා ඒවාට බදවාගැනීමේ සුදුසුකම් සහ ගුණාත්මක භාවය සඳහා නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යෝජනා කළේය.

එම සරසවිවල ඉගෙනගන්නා දුප්පත් සිසුන්ට ණය ක්‍රමයක් මෙන් ම දුප්පත් ම අයට ඍජු ආධාරයක් ද රජයෙන් ලබා දිය හැකි බව කී ජනාධිපතිතුමා වැඩි දුරටත් කීවේ විශ්ව විද්‍යාල සඳහා මුදල් දීමේ ශ්‍රී ලංකාවේ ක්‍රමය වැරදි බව සහ මුදල් දිය යුත්තේ සිසුන්ට බවත් ය.

අධ්‍යාපනය යනු ආයෝජනයක් බවත්, සියලු දෙනාට ඒ සඳහා ප්‍රවේශ වීමේ අයිතිය සහතික කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *