තාජුඩීන් ඝාතනයට ජනාධිපති කාර්යාලය මෙන්ම කාල්ටන් නිවසත් සම්බන්ධයි..!
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ හා ජනාධිපති මන්දිරියේ සිට හම්බන්තොට කාල්ටන් නිවස අතරත් සිදුවු දුරකථන ඇමතුම් පිලිබදව වැදගත් තොරතුරු රැසැක් මේ වනවිට අනාවරනය වී ඇතැයි වාර්තාවේ. මෙම කරුනු අනුව වසීම් තාජුඩීන්ගේ ඝාතනයට රාජපක්ෂ වරුන්ගේ සෘජු මැදිහත් වීමක් ඇති බව සනාත වෙමින් පවතී.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ඝාතනය සිදු වූ දින ජනාධිපති මන්දිරියේ සිට නිකුත් වූ දුරකථන ඇමතුම් හා ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවයි.එම පරීක්ෂණ වලදී ජනාධිපති මන්දිරියේ සිට හම්බන්තොට කාල්ටන් නිවස අතර සම්බන්ධයක් තිබී ඇතැයි අනාවරණය කළ රජයේ නීතීඥවරයා මේ පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කර තිබේ.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා එම දත්ත ගබඩා කර තිබූ (මධ්‍යම සැකසුම් ඒකකය) සී.පී.යූ. යන්ත්‍රය සිය භාරයට ගත් බව මීට පෙර අධිකරනයට දැනුම් දෙන ලදි.අදාළ දුරකථන අංක සහ ඒ පිළිබඳ දත්ත මකා දමා ඇති නඩත්තු නිලධාරියා මේ වන විට සේවයේ නැතැයිද වාර්තාවේ.
