සජිත් – අනුර යාපා සන්ධානය එක දවසින් අවසන්

ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කළ සමගි ජන බලවේගය සහ අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායම් අතර සන්ධානය අද වනවිට බිඳ වැටී ඇති බව වාර්තා වෙයි.

මෙයට හේතු වී ඇත්තේ මෙය අනුර යාපා කණ්ඩායම සමගි ජන බලවේගයට සම්බන්ධ වීමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයට එම කණ්ඩායමේ බහුතරය විරෝධය ප්‍රකාශ කිරීමයි.

තමන් සජබට එකතු නොවූ බව ජෝන් සෙසේවිටත්න මහතා සහ ජයරත්න හේරත් මහතා මාධ්‍යට ප්‍රකාශ කළ අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළාය. විදේශ ගතව සිටින ප්‍රියංකර ජයරත්න මහතා ද ට්විටර් පණිවිඩයකින් එම පුවත ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද නිකුත් කළ නිවේදනයක් මගින් කීවේ තමන් විපක්ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස දිගට ම ක්‍රියා කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *