අරගලය හොඳයි ; නමුත් වැරදි කළ අයට දඬුවම් දිය යුතුයි – බහුතර ජන මතය සමීක්ෂණයකින් හෙළිවෙයි

 

අරගලය අවශ්‍යතාවයක් වූ බව සහ එයින් යහපත් ප්‍රතිඵල ඇත වූ බව ජනතාවගෙන් සියයට 82 ක බහුතරයක් ප්‍රකාශ කරන නමුත් අරගලය තුළ නීති විරෝධී ක්‍රියා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සියයට 58 ක බහුතරයක් ප්‍රකාශ කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සොසල් ඉන් ඩිකෙටර් ආයතනය කළ ජන මත සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බව කියා ඇත්තේ සියයට 42 ක පිරිසක් පමණකි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ සහ ර්පයේෂණ අංශය වන සොසල් ඉන්ඩිකෙටර් ආයතනය පසුගිය සැප්තැමබර් 24 සිට ඔක්තෝබර් 12 දක්වා දිවයින පුරා කළ ජනමත සමීක්ෂණයකින් මෙම තොරතුරු හෙළි වී තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රධාන සමීක්ෂණයේ කොටසක් ලෙස අරගලයෙන්’ පසු ජීවන තත්ත්වය පළිබඳ කළ කළ සමීක්ෂණයේ දී පහත සඳහන් තොරතුරු හෙළි වී තිබේ.

ඔක්තෝම්බර් මාසයේ සමීක්ෂණ සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික පීඩාව තවමත් පවතින බව යැයි  අවධාරණය කරමින්, සමීක්ෂණ වාර්තාව සඳහන් කර ඇත්තේ සැලකිය යුතු බහුතරයක් (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 82% ක් පමණ) ඔවුන් දුෂ්කරතා සමඟ ජීවත් වන බවත් ඔවුන්ගේ ආදායමෙන් ඔවුන්ගේ අවශ්‍යතා ආවරණය නොවන බවත්ය.

ඔවුන්ගෙන් අඩක් පමණ (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 46.2%) තමන් ජීවත් වන්නේ දැඩි දුෂ්කරතාවයකින් බව කියා ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් 19% ක් කියා සිටියේ පවතින ආර්ථික හා දේශපාලන කැලඹීම් මධ්‍යයේ වුව ද තම ආර්ථික තත්ත්වය පිළිගත හැකි මට්ටමක පවතින බවයි. ප්‍රදේශ සම්බන්ධයෙන් ගත් කල, නගර සභා බල ප්‍රදේශවලින්  පිටත ජීවත් වන ජනතාව අතර මෙම දුෂ්කරතා සාපේක්ෂව වැඩි බව වාර්තාවේ සඳහන් වේ.

“අරගලය” සහ එයට සහභාගී වූවන් හෑල්ලු කිරීමේ රජයේ අඛණ්ඩ ව්‍යාපාරයේ පසුබිම තුළ, සමීක්ෂණය මගින් එම ව්‍යාපාරය පිළිබඳ මහජන මතය සහ එයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද විමර්ශනය කරන ලද බව සමීක්ෂණ වාර්තාව පවසයි. ප්‍රතිඵලවලින් පෙනී ගියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයක් ව්‍යාපාරය පිළිබඳ ධනාත්මක අදහස් දිගටම ප්‍රකාශ කරන බවයි.

“ජාතික මට්ටමින්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 82% ක් ‘අරගලය’ රට කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ බව විශ්වාස කරන අතර එයට  සමාන ප්‍රතිශතයක් විශ්වාස කරන්නේ ‘අරගලය’ මේ මොහොතේ අවශ්‍යතාවයක්ව පැවති බවයි. ශ්‍රී ලාංකිකයින්ගෙන් 42% ක පිරිසක් එම   ව්‍යාපාරයේ නිරත වූ තරුණයින්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග හෙළා දකිමින් සිටියි.. කෙසේ වෙතත්, විරෝධතාකරුවන් නීතිය කඩ කර ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඔවුන්ගෙන් 58% ක් එකඟ වන බව වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 18%ක් පවසා තිබුණේ “අරගලය” සමාජයට සහ රටට අහිතකර බලපෑම් ඇති කළ බව වන අතර 19.1% ප්‍රකාශ කළේ අරගලය අවස්ථාවාදී දේශපාලනයේ ප්‍රතිඵලයක් බව යි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *