ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා සාර් ථකයි ; උසාවි නඩුව සමතයකට : ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතින අතර, එක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) හිමියෙකු විසින් ගොනු කරන ලද නඩුවක් දැන් සමතයකට පැමිණීමේ ක්‍රියාවලියේ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද දින, එනම්නො වැම්බර් 10 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ පැවසුවේ, බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ කරමින් පවතින අඛණ්ඩ සාකච්ඡාවල කොන්දේසි ශ්‍රී ලංකාවේ පෞද්ගලික ණය හිමියන් විසින්පි ද ළිගෙන ඇති බවයි.
“එක් උසාවි නඩුවක් තිබුණා, එය දැන් සමතයකට පැමිණීමේ අදියරේ පවතිනවා . ද්විපාර්ශ්වික ණය ගැන සාකච්ඡා කළ පසු, පුද්ගලික ණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වේ යැයි අපි සිතන්නේ නැහැ ” යි ජනාධිපතිවරයා පැවසීය.
ලෝක පරිසර සමුළුවට සහභාගී වීමට ඊජිප්තුව බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනට පැමිණ අද දවසේ පාර් ලිමේන්තු රැස්වීමට සහභාගී වෙමින් මෙම තොරතුරු ප්‍රකාශ කළේය.
