මහින්ද යලි අගමැති කිරීමේ බැසිල් පිලේ උත්සාහය හබක්

මහින්ද රාජපක්ෂ මහතාට නැවත අගමැති ධුරය ලබාදීම සඳහා පොහොට්ටුවේ බැසිල් හිතවාදී කණ්ඩායම කැඳවා තිබු සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි.
මෙම කණ්ඩායම යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබා දීම සඳහා කෙටි කාලෙකට ඔහුට නැවත අගමතු ධුරය ලබාදිය යුතු බවයි.
මෙම උත්සාහයට ආසන්න හේතුව වුයේ මහින්දට ගෞරවනීය සමුගැනීමක් දිය යුතු බවට ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පසුගිය දා කළ කතාවක් වුව ද සාකච්ඡාවට කැඳවා තිබු රණතුංග ඇමතිවරයා එයට සහභාගී වී නැත. සාකච්ඡාව කැඳවු අයට ඒ මහතා කියා ඇත්තේ මහින්දට සමුගැනීමක් දීමට ඔහුට අගමැති ධුරය ලබාදීම අවශ්‍ය නැති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට පාර් ලිමෙන්තුවේ බහුතර කැමැත්ත ලබාගැනීමේ ප්රශ්නය ද සාකච්ඡාවට ලක්ව ඇති බව කියති.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ පැවති එම සාකච්ඡාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් සහභාගී වී තිබේ.
