තමන්ගේ ඡන්දයෙන් මැතිවරණ කොමිසම අහෝසි වූ බව සජිත් දන්නේ නැහැ – ප්‍රකාශයකින් හෙළිවෙයි

 

තමන්ගේ ද ඡන්දය ලබා දී 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමත් සමග මැතිවරණ කොමිසම ඇතුළු කොමිසන් සභා අහෝසි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොදන්නා බව ඊයේ ඒ මහතා කළ ප්‍රකාශයකින් හෙළිදරව් වෙයි.

ඊයේ දිවුලපිටියේ පැවති රැස්වීමක දී සජිත් ප්‍රේමදාස මහතා කීවේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ දරන බව සහ එයට කිසි සේත් ඉඩ නොදෙන බව යි.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියන්නේ 22 සංශෝධනය සම්මත කිරීමත් සමග  මැතිවරණ කොමිසම ඇතුළු සියලු කොමිසන් අහෝසි වී ඇති බවයි.

22 සංශෝධනය යටතේ පිහිටුවන ව්‍යවස්ථා සභාවෙන් සියලු කොමිසන් සභා යලි පත්කළ යුතු වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු වෙයි. නව ස්වාධින කොමිසන් සභා පත්කළ යුතු වන්නේ ඒ මහතගේ ද අනුමැතිය ඇතිව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *