රජයට පාඩුවක් කියූ ර්අජුන් මහේන්ද්‍රන්ගේ බැදුම්කර ගනුදෙනුව පට්ට ලාභයක් වෙලා !

රජයට පාඩුවක් බව මෙතෙක් කල් කියමින් සිටි , හිටපු මහ බැංකු අධිපති ර්අජුන් මහේන්ද්‍රන මහතාගේ බැඳුම්කර ගනුදෙනුව මේ වන විට විශාල ලාභයක් බවට පත්ව ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර් ග කියයි. අධික උද්ධමනය හමුවේ රුපියල අවප්‍රමාණ වීමෙන් එදා ගත් මුදලේ අද වටිනාකම විශාල ලෙස අඩුවීමත්, එදා ගත් පොලී ප්‍රමාණය අදට වඩා විශාල ලෙස අඩුවීමත් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.
2015 පෙබරවාරි 27 දා එවකට මහ බැංකු අධිපති ර්අජුන් මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි වසර 30 කින් ගෙවීමට රුපියල් බිලියන 10 ක් ලබාගත්තේ සියයට 12 ක පොලී අනුපාතයක් යටතේ ය. පසුගිය දා වසර 10 සහ 5 සඳහා රුපියල් බිලියන 127 ක් මහ බැංකුව ලබාගෙන ඇත්තේ සියයට 30 කට ආසන්න පොලී අනුපාතයක් යටතේ ය. ඒ අතර එදා ගත් බිලියන 10 ට දැන් වසර 7 ක් ගත වී ඇති අතර ඉදිරි වසර 23 ක් සඳහා ද ගෙවන්නේ එදා එකඟ වූ සියයට 12 ක පොලී අනුපාතයයි.
එමෙන් ම එදා ගත් රුපියල් බිලියන දහයේ මුර් ත වටිනාකම ද වත්මන් අධික උද්ධමනය හමුවේ විශාල ලෙස අඩු වී තිබේ. එම මුදලේ එකල වටිනාකම ඩොලර් මිලියන සියයක් නම් අද එහි වටිනාකම ඩොලර් මිලියන 30 කට වඩා අඩු බව කියති. තවත් වසර 23 ක් යනවිට මෙහි වටිනාකම තවත් අඩු වනු ඇත.
බැඳුම්කර නඩුව එම චෝදනා යටතේ පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය පසුගියදා තීරණය කළේය. නඩුව පවරා ඇති නීතිමය තත්ත්වය පිලිබඳ ගැටළුවක් එයට හේතු වී තිබිණී.
ඒ පිළිබඳව කළ විමසුමක දී ඉහත කී තොරතුරු හෙළි වී තිබේ.
