බැසිල් අගමැති වන කතා බොරු ! මන්ත්‍රී වෙන්නත් බැරිවෙයි !!

 

නොවැම්බර් මාසයේ ඇමෙරිකාවේ සිට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි පලවන ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බවත්, මන්ත්‍රී ධුරයක් නැති ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවත්, දේශපාලන නිරීක්ෂකයෝ කියති.

එමෙන් ම පාර් ලිමෙන්තුවේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරනුණේ මන්ත්‍රී කණ්ඩායමේ හෝ බහුතර සහය ද මේ වන විට ඔහුට නැත.

අගමැති පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපති සතුව ය. බැසිල් යලි පාර් ලිමෙන්තුවට පැමිණිය ද රනිල්ගේ සහය නොමැතිව ඔහුට අගමැති විය නොහැකි ය. කැබිනට ඇමති ධුර සඳහා බැසිල් ඉදිරිපත් කළ ලැයිස්තුව ද ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතා අගමැති කිරීමට එකඟ වෙතැයි විශ්වාස කළ නොහැකි ය.

පාර් ලිමෙන්තුවේ බහුතර සහය පෙන්වීමේ හැකියාවක් ද මේ වනවිට බැසිල්ට නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත වුවහොත් බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයක් හෝ දැරිය නොහැකි වෙයි.

බැසිල් අගමැති වන කතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩයමක් ගෙන යන්නේ එම පක්ෂය තුළ දුර්වල වී ඇති බැසිල් රාජපක්ෂ මහතගේ බලය යලි ගොඩනගා ගැනීමට බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *