මූලික අයිතිවාසිකම්වලට සී. පී. ඒ. එක විරුද්ධ ද ?
යෝජිත නව ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ජේදයක් එකතු කිරීම පිළිබඳව ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු විධායක අධ්යක්ෂ ධූරය දරණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කමින් සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තාවේ.
මේ පිළිබඳව යුක්තිය කළ විමසීමකට පිළිතුරු දුන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයකු පැවසුවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් නව ව්‍යවස්ථාවට ඇතුලත් කළයුතු බව තම නිල ලියවිල්ලේ සඳහන් කර ඇති බවයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තම නිල ලියැවිල්ලෙන් උක්ත ඡේදයට අනුමැතිය පලකර ඇති නමුත් මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවසන් තීරණය අධිකරණ සතුවන හෙයින් එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අසංක වැලිකල ව්‍යවස්ථාදායක සභාවේ දි එම පරිච්ජේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුකලත් විරෝධය පලකර ඇති බව දැනගන්නට ඇත. මේ පිළිබඳව විධායක අධ්යක්ෂ අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු නිහඬතාවයක් පලකරන බව ද කියැවේ.
ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ද ඇතුලත්වන මූලික අයිතිවාසිකම් නවීන ව්‍යවස්ථාවල මූලික අංගයක් බව ව්‍යවස්ථා විශේෂඥයින් අදහස වන නමුත්, මහා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ සේවයට ගිය පසු අසංක වැලිකල මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට එකතු කිරීමට එරෙහි ස්ථාවරයකට පැමිණ ඇති බව වැඩි දුරටත් දැනගන්නට ඇත.
