නාමල්ට ගැලවීමක් නෑ : අපරාධ චෝදනාත් එනවා

මුදල් විශුද්ධිකරණ චෝදනා ලබා සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති එබදුම චෝදනා ගණනාවක අමතරව අපරාධ චෝදනාද එල්ල වනු ඇති බවත් දැනට ඇති නඩු සදහා ඇප ලබාගත හැකි වුවද අපරාධ චෝදනා සදහා ඇප ලබාගැනීම අපහසු විය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන චෝදනාව එලෙස එල්ල විය හැකි එක් චෝදනාවකි . ඒ පිලිබදව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට උපදෙස් ලැබී ඇත්තේ සියලු සාක්ෂි ලබාගැනීමෙන් පසුව පමණක් අත් අඩංගුවට ගැනීම් සිදුකරන ලෙසයි . මේ වනවිට එබදු සාක්ෂි රාශියක් රහස් පොලිසිය සතුව ඇතැයි කියති .

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ස්ත්‍රී දුසන චෝදනාවක් ද එල්ල වීමට ඉඩ ඇතැයි කියති . කොළඹ ප්‍රසිද්ධ විද්‍යාලයක සිසුවියක් දුෂණය කිරීමේ සිදුවීමක් පොලිසියට පැමිණිලි කළද දේශපාලන බලය යොදා එය යට ගසා  තිබී ඇත . රහස් ලෙස තබාගත් දේ හෙළිකරන බවට ජනාධිපතිතුමා මාතරදී සදහන් කලේ මෙවැනි සිදුවීම් ගැන බව වාර්තා වෙයි .

මෙවැනි තවත් සිදුවීම් ගණනාවක් ද ඉදිරි කාලයේ හෙළිදරවු විය හැකි බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *