ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුල්‍ය අරමුදලෙන් වෙන ම තක්සේරුවක්

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව ගැන වෙන ම අධ්‍යයනයක් කොට ඔවුන්ගේ ම තක්සේරුවකට එළඹ ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඒ සඳහා ඔවුන් මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් සියලු දත්ත ලබාගෙන ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තාක්ෂණික සහ නීති උපදේශක කටයුතු කරන ලෆාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම්වලින් ද තොරතුරු ලබාගෙන තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප ගැන ද ඔවුන් අධ්‍යයනය කළ බව කියති.
සියලු ණය හිමියන්ගේ අනුමැතිය ලබාගත හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව ඇති බව මුල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායමේ විශ්වාසය වූ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක වන්නේ මුල්‍ය ස්ථාවරභාවය ඇතිකර ගැනීම බව මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ මතය වූ බව කියති.
