අලුත් 22 සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

ජනාධිපති බලය ඉවත්කරන ලෙස සකස් කරන ලද නව 22 සංශෝධනයට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව කලින් ඉදිරිපත් කොට තිබු 22 සංශෝධනයේ තිබු අන්තර් කාලීන විධිවිධාන ඉවත්කොට ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට තිබු බලය අගමැතිගේ නිර්දේශයට යටත් කොට ඇති අතර ඇමති ධුර දැරීමට ජනාධිපතිට තිබු බලය ඉවත් කොට තිබේ.
ඒ අනුව විධායක ජනාධිපති බලය විශාල ලෙස සීමා වනු ඇත.
