ජනාධිපති සටනට සජිත්, ඩලස් සහ රනිල්

ගෝටාභය රාජපක්ෂ මහත්ගෙන් හිස්වන ජනාධිපති තනතුරට වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්වීමෙන් පසු එම තනතුරට පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් මන්ත්‍රීවරයකු තෝරාපත් කරගත යුතු අතර ඒ සඳහා මේ වනවිට සජිත් ප්‍රේමදාස , ඩලස් අලහප්පෙරුම සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස යෝජනා කිරීමට සමගි ජන බලවේගය මේ වන විට තීරණයක් ගෙන ඇත. එම පක්ෂය මෙම තීරණය ඒක පාක්ෂිකව ගෙන ඇත්තේ ජනාධිපති සහ අගමැති තනතුරු ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර බෙදා ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී ය. මෙම තීරණය නිසා ඩලස්ට සහය දෙන කණ්ඩායම තීරණය කොට ඇත්තේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ජනාධිපති තනතුර සඳහා යෝජනා කිරීමට ය.
ඒ අතර ආණ්ඩුව ලෙස ක්‍රියාකරන කණ්ඩායමෙන් ජනාධිපති තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ජනාධිපති තනතුර සඳහා මේ වනවිට සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයකිනි.
