සංශෝධිත 21සංශෝධනයට කැබිනට් අනුමැතිය

සංශෝධන රැසක් සමග ඉදිරිපත් කරන ලද 21 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබුණු බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඉදිරිපත් කොට තිබු සංශෝධනවලට යටත්ව 21 වැනි ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ඒ අනුව හැකි ඉක්මණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී මිට සුළු මොහොතක කලින් තීරණය කළ බව වාර්තා වෙයි.
