ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරයට නඩු පිට නඩු වැටෙන ලකුණු

 

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේතු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට එරෙහිව පෙත්සම් ගණනාවක් අධිකරණයට ඉදිරිපත් වන ලකුණු ඇති බව දේශපාලන අංශ කියයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම පත්කිරීමේ ව්‍යවස්ථානුකුල භාවය ප්‍රශ්න කරමින් මේ වන විටත් නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙබඳු පත්කිරීම් ගැන මීට පෙර ද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කොට ඇති එම සංවිධානය මෙම පත්කිරීමට එරෙහිව ද අධිකරණය ඉදිරියට යාමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.

එමෙන් ම, තවත් මානව හිමිකම් සංවිධාන ගණනාවක් එබඳු ම අධිකරණ ක්‍රියාමාර්ග සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කැසිනෝ ව්‍යාපාර හිමිකරුවකු වීම, රජය සමග ව්‍යාපාරික කටයුතු කරන සමාගම් හිමිකම, බදු ගෙවීම් ප්‍රශ්න, ආදී ප්‍රශ්න රාශියක් මෙම පත්වීමට එරෙහිව මතුවනු ඇති බව කියති.

ධම්මික පෙරේරා මහතා තම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස් වූ බව වාර්තා වුව ද, තවමත් එම සමාගම් හිමිකම ඔහු සතුව පවතියි. එබැවින් ලදියාවන්ගේ ගැටුම ඉවත්වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *