19 වැනි සංශෝධනයේ ඇතැම් වැදගත් වගන්ති අලුත් 21 න් හලලා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ අඩංගුව තිබු, ජනාධිපති බලතල සීමා කෙරෙන ඇතැම් වගන්ති දැන් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයේ නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාට අමාත්‍යංශ හෝ කාර්යයන් හෝ පවරගැනීමට ඉඩ නොලැබෙන වගන්ති සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ සහ විසුරුවාහැරීමේ බලය සීමා කිරීමේ වගන්ති එලෙස ඉවත්කර ඇත.

අමාත්‍යංශ පවර ගැනීමට ජනාධිපතිට ඉඩ නොලැබෙන වගන්ති සහ වසර හතර හමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැළක්වීමේ වගන්ති නව 21 වැනි සංශෝධනයට අඩංගු කළ යුතු බව නීතිඥ සංගමය කියයි.

එමෙන් ම 21 වැනි සංශෝධනය ශක්තිමත් කළ හැකි තවත් යෝජනා ගණනාවක් ද නීතිඥ සංගමය ඉදිරිපත් කොට තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ අධිකරණ ඇමතිතුමාට යොමුකළ ලිපියක් මගින් මෙම අදහස් ඉදිරිපත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *