21 වැනි සංශෝධනය ; ජනාධිපති ගෝටාභය වගකීමෙන් කර අරී ; බැසිල්ගේ කැමැත්ත ගන්න කියයි

ජනාධිපති බලතල සීමා කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තුවට බලය පවරන බව ප්‍රසිද්ධියේ පොරොන්දු වූ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා එම සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැමැත්ත ගත යුතු බව කියා වගකීමෙන් කර ඇර ඇති බව වාර්තා වෙයි.
පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවත්, බැසිල් රාජපක්ෂ මහතා මෙම සංශෝධනයට විරුද්ධ බවත්, දේශපාලන ක්ෂේත්රයේ ප්‍රකට කාරණා වෙයි.
මෙම සංශෝධනය සම්මත කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගැනීමේ මුලික කොන්දේසියක් වී ය. එම සංශෝධනය ගෙන එන බව ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේ දී ද පොරොන්දු වී ය.
කෙසේ වෙතත්, ජනාධිපතිගේ ඉල්ලීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අද සම්මත නොකළ අතර සියලු පක්ෂවල අදහස් ලබාගෙන ලබන සතියේ කැබිනට් අනුමැතිය ගැනීමට තීරණය වී තිබේ.
මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුන ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට මුලික අනුමැතිය ලබා ගත්තේ ය.
මෙම තත්ත්වය පිළිබඳව ඇමති මණ්ඩලයේ පිරිසක් ද දැඩි ලෙස කෝප වී ඇති බව ද දැනගන්නට ඇත.
තත්ත්වය මෙය නම් ගෝටා ගෝ ගමට අමතරව කපුටා ගෝ ගමක් ද අලුතින් ආරම්භ කිරීමට සිදුවනු ඇති බව අලුතින් පත් වූ ඇමතිවරයකු ප්‍රකාශ කළ බව ද දැනගන්නට ඇත.
