දිගට ම දෙන්න ගෑස් ඇතැයි කී ලිට්‍රෝ ගෑස් නැතැයි දැන් කියයි

සමාගම සතු ගෑස් තොග අවසන් බව ලිට්‍රෝ සමාගම අද ප්‍රකාශ කොට ඇත. ගෑස් බෙදීම අත් හිටුවීම ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සමාගම මේ බව පවසා ඇත.
පසුගිය සතියේ සමාගම ප්‍රකාශ කළේ ප්‍රමාණවත් ගෑස් තොග ලැබෙමින් පවතින බව සහ බෙදාහැරීම් කටයුතු දිගට ම සිදුකරම බව යි.
අද සමාගම ප්‍රකාශ කළේ ලබන සිකුරාදා දක්වා ගෑස් සැපයීම කළ නොහැකි බවයි.
ගෑස් ලබා නොදීම නිසා පසුගිය දිනවල මහජන කැරලි ඇතිවන තත්ත්වයක් රටේ වර්ධනය වී තිබිය දී සමාගම වගකීම් රහිත ලෙස ක්‍රියාකරන බවට චෝදනා එල්ලවෙමින් පවතියි.
