හෙටත් ගෑස් නොබෙදන බව ලිට්රෝ සමාගම කියයි ; හේතුවක් නැහැ

හෙට දිනයේ ගෑස් බෙදා නොහරින බවත්, එමනිසා පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ලිට්රෝ සමාගම නිවේදනය කොට ඇති අතර එම තීරණයට කිසිදු හේතු දැක්වීමක් ද සිදුකොට නැත.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකශ කළේ මෙම නිලධාරීන් වගකීමෙන් තොරව කටයුතු කරන බව යි.
වෙළෙඳපොළේ ගෑස් සිලින්ඩර් ලක්ෂ 40 ක හිගයක් තිබිය දී දිනකට බෙදාහරින්නේ සිලින්ඩර් 50,000 ක් හෝ 80,000 ක් පමණක් බව මෙම නිලධාරීන් තීරණය කොට ඇති බවත්, මෙතරම් අර්බුදයක් මැද සමාගම වැඩ කරන්නේ පැය 12 ක් බවත්, කී රණවක මහතා තනි නිලධාරීන් මෙහෙම තීරණ ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.
සමාගම සතු මුදල් ඩොලර් මිලියන 50 ක් ජාත්‍යන්තර බැඳුම්කරවල යොදා අහිමි කරගෙන ඇති බවත්, අද ගෑස් ගන්නට මුදල් හිඟා කන්නට සිදු වී ඇත්තේ ඒ නිසා බවත්, රණවක මහතා කීය.
ගෑස් කෙසේ වෙතත්, ගෑස් බෙදීම ගැන පරිගණක ඇප් එකක් ලබාදීමට සමාගම කටයුතු කරමින් සිටින බවත්, එය නිර්මාණය කිරීමට යැයි කියා හිතවත් සමාගමකට විශාල මුදලක් ගෙවා ඇති බවත්, සමාගමේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
