බැසිල් නොතකා 21 අද ම ගෙන්න විජයදාස – රනිල් සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රී පිරිසකගේ ඉල්ලීම මත ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇතත්, එය අද ම ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර සාකච්ඡාවක් අද සවස යොදාගෙන ඇති බව වාර්තා වෙයි.
අගමැති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ද සහභාගීවීමට නියමිත බව කියති.
සවස පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පෙර මෙම හමුව පැවැත්වීමට තීරණය කොට තිබේ.
21 සංශෝධනය කල් දමා ගැනීමට සහ වෙනස් කිරීමට බැසිල් පිල දරන උත්සාහයට අධිකරණ ඇමතිවරයා ඇතුළු විශාල පිරිසකගේ විරෝධය පළ වී තිබේ.
