තවත් ඇමතිවරු 10 ක් හෙට දිව්රුම් දෙති


 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතගේ ඇමති මණ්ඩලයේ තවත්  ඇමතිවරුන්  දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (23) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර ,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද හෙට  දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් දහතුන් දෙනෙකු  මේ වන විට දිවුරුම් දී ඇති අතර, හෙට  දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *