ආණ්ඩුවට බහුතරය නැති නිසා අපේ කරේ නැග්ගා – සුසිල් ප්‍රේමජයන්ත

 

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා එය වසා ගැනීමට තම අපේක්ෂකයාට සහය දෙන්නට ඉදිරිපත් වූ බවත්, ආණ්ඩුව සහය දෙන අපේක්ෂකයකුට සහය දීමට නොහැකි නිසා සමගි ජන බලවේගය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ බවත්, එම දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතු බවත්, ශ්‍රීලනිප මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය පැහැදිලි කිරීම ගැන විපක්ෂ නායකවරයාට ස්තුති කරන බව කී ඒ මහතා ආණ්ඩුවට බහුතරය නැති නිසා තමන්ගේ කරේ ගියා මිස ආණ්ඩුව සමග එකතු වී නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමක් සිදු නොවූ බව ද කී ය.

අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ නියම ඡන්දයක් තිබ්බේ නම් ආණ්ඩුවට 95 ක් සහ විපක්ෂයට 118 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමිවන බව පැහැදිලි වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *