අර්ථිකයේ සිරවීම දිගුකාලීන එකක් නොව කෙටිකාලීන ය -මහාචාර්ය රොහාන් සමරජීව
ආර්ථිකය වශයෙන් රටේ යම්කිසි දෙයක් සිදුවෙන බව දැනෙන්නට නැතැයි යන්න අපිට අද නිතර දෙවේලේ අසන්නට ලැබේ. මේ හඬ වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ විපක්ෂයේ සිටින උදවියගෙනි. දේශපාලන උවමනාවට අනුව ඒ අය එවැනි හ`ඬක් නගන බව අරුමයක් නොවේ. නමුත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිළි අවබෝධයක් ඇතිකරගැනීම ඉතාම වැදගත් ය.
මූලික වශයෙන් අපේ නිශ්චිත සංඛ්‍යා ලේඛණ අනුව පසුගිය වසර වනවිට 4%ක පමණ විරුකියා තත්ත්වයක් තියන බවයි ආණ්ඩුවේ වාර්තාවලින් පෙන්නුම් කරන්නේ. අපේ ඇඟලුම් සමාගම් වලින් ඇසුවොත්, ඒ අය ද කියන්නේ සියලුම පුරප්පාඩු සම්පූර්ණ කරගන්නට අමාරු බව ය. එක පැත්තකින් බැලුවාම, ශ්‍රම වෙළඳපොලේ යම්කිසි ආකාරයකට විරැකියාව විශාල ප්‍රශ්නයක් නොවන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් ඇත්තටම බැලුවොත් අපිට අනික් පැත්තෙන් පෙනෙනවා කොරියන් භාෂා විභාගය කිරීමට, මැදපෙරදිගට යන්නට, ආණ්ඩුවේ රැකියාවල් ගන්නට වැනි දේ වලට ඇති උනන්දුව දෙස බැලූවිට සමහර රැකියාවලට ඉල්ලුමක් තිබෙන අතර සමහර රැකියාවලට ඉල්ලුමක් නැති බව.
මා මෙතන දි අපේ සාකච්ඡාව රැකියා වලින් පටන් ගත්තේ, රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ අපි කථා කළේ ඇගට දැණෙන සංවර්ධනයක් පිළිබඳව වන නිසා ය. එතකොට මම පටන් ගන්නේ ඇගට දැනෙන සංවර්ධනයක් ගැන ය. එවැන් සංවර්ධනයක් පටන් ගන්නේ කුටුම්භයට ආදායම ලැබෙන තැනින් ය. කුටුම්භයට ආදායම එන්නේ රැකියා වැනි මාධ්‍යයන් ආශ්රයෙනි. ඊ ළගට අපි පිළිගන්නට අවශ්‍යයි රටේ සියලුම දෙනා එවැනි රැකියා කරන්නේ නැති අතර එවැනි නිළ රැකියා නොකරන පිරිසක් අප රටේ සිටිති. කෘෂිකර්මාන්තය. සිල්ලර වෙළදාම වැනි අංශයේ යෙදි සිටින අය මේ ඳහා උදාහරණයකට ගත හැක. ඒ අයගේ ඇගට දැනෙන දේට කුමක් සිදුවී තිබෙන්නේ ද යන්න බැලිය යුතු ය. එතතන දී කල්පනා කළාම අපිට තේරෙනවා. සුළු තේ නිෂ්පාදකයා, රබර් නිෂ්පාදකයා වැනි අය යම් දුෂ්කරතාවයකට පසුගිය කාලයේ මුහුණ පෑවෝ ය. එය සිදු වූයේ මුලුමහත් ගෝලීය ආර්ථිකයේ පුතිඵලයක් ලෙසට ය. පෙර කියු අපනයන භාණඩවල මිල තීරණය කරන්නේ අප නොවේ. ගෝලීය ආර්ථිකයේ සියලූම අමු ද්‍රව්‍ය වල මිල අඩුවීමේ ප්රවනතාවයක් පසුගිය වසර දෙක තුන ඇතුලත සිදුවිය. ඒ දෙස බැලූවිට අපිට පෙනෙනවා එක පැත්තකින් ඒ අයට දුෂ්කරතාවයන් තිබේ.
අපිට අහන්නට තිබෙන්නේ ඒ අය වෙනුවෙන් ආණ්ඩුවට කරන්නට පුළුවන් මොනවා ද යන්න ය. අතන දී අපි කිව්වේ ආණ්ඩුවට රැකියා උත්පාදනය කළ හැකි බව ය. ඒ වගේම මෙතන දී උර කී අයට ආණ්ඩුවට කරන්නට පුලුවන් මොනවාද යන්න ඇසීම සාධාරණ ය. මේ අපනයන ද්‍රව්‍යවල මිලගනන් පහත වැටීමේ ප්රශ්නයේ දි සහතික මිල වැනි දේවල් ගැන කථා කළේ ය. නමුත් ඇත්තෙන්ම ගෝලිය ආර්ථිකයේ මිල තීරණය කිරීමට අපේ රටේ ආණ්ඩුවකට නොහැකි ය. ගෝලිය ආර්ථිකය ගැන කථාකරන විට අපිට අලුත් වෙළඳපොලවල් සොයා ගැනිම. අගය එකතු කරන සැපයුම්වලට උනන්දු කිරීම වැනි දේවල් තමයි කරන්නට හැකි වන්නේ. එසේ නැතිව යම් කිසි නිෂ්පාදනයක් තිබෙනවා නම්, ඒවාට ඇති ඉල්ලුම ගෝලිය වශයෙන් කඩා වැටෙන්නේ නම් ප්‍රශ්නයක් මතු වේ. උදාහරණයක් ලෙස ගෝනි නිෂ්පාදනය කරන ජූට් කර්මාන්තය ගත හැක. ඔය ජූට් කර්මාන්තය බංගලි දේශයේ නිදහස ලබාගත් කාලයේ, ඒ අයගේ ආර්ථිකයේ ප්‍රධානම කොටසක් වි තිබුණි. නමුත් අපි දන්නවා අපි ඉස්සර ගෝනි පාවිචිකළා ට දැන් තිබෙන්නේ පොලිතින් බෑග් ය. එතකොට දැන් අර ජූට්වලට තිබූ ඉල්ලුම නිශ්චිතවම කඩා වැටුනේ ය. එවැනි අවස්ථාවක රජයකට කරන්නට පුළුවන් වෙන්නේ ඒක දැකලා, ඒකේ ඔලුව හප්පාගන්නේ නැතිව, ඒ අයට විකල්ප ආදායම් මාර්ගයක් සඳහා උපකාර කිරිම ය. මේ සමස්තය තමයි අපේ රටේ රැකියා පැත්තෙන් කියන්නට තිබෙන්නේ.
අනික් පැත්තෙන් රැකියා වලින් හා වෙනත් ආකාරයට කුටුම්භයට එන ආදායම බැලිය යුතු ය, ඊ ළගට එනවා කුටුම්භයක් ගත්තාම කුටුම්භයේ වියදම් පැත්ත. වියදම් පැත්තෙන් ලෝක ආර්ථිකයේ විශාල යහපත් ප්රවනතාවයක් මේ අවස්ථාවේ අපිට බලපෑවේ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වන්නට මාස කිහිපයකට කලින් තෙල්මිල ඉතාමත් සීග්‍රයෙන් අඩු විය. එතකොට, කලින් ආණ්ඩුව ඒ මිලට සරිලන සූත්‍රයකින් නොවෙයි අපේ සිල්ලර පෙට්‍රල්. ඩිසල් වලට මිල නියම කළේ. ඒ අය ඒක නියම කළේ පුලුවන් තරම් ඉහළ මිලකට එය අලෙවිකර ඒ අයගේ වියදම් පියවා ගැනීමට ය. අපි තෙල් නිෂ්පාදනය කරන රටක් නොවේ. සමාජයේ ඉහළ ස්ථරය උදාහරණයට ගතහොත් අතීතියේ අපේ රටේ කාර් තිබුණේ 10%ට වැනි කුඩා ප්‍රමාණයකට ය. එවැනි කොටසකට ටිකක් වැඩිපුර මුදලක් ගෙවන්නට වූවාට ප්‍රශ්නයක් තිබුණේ නැත. එහෙම නැතිනම් ඒ අයගේ වාහන දුවන්නට පාවිච්චි කරන පාරවල් දියුණු කිරීමට බදු අය කරගන්න වූ ක්‍රමයක් තමයි අපිට තිබුණේ. මේ සඳහා අවශ්‍ය නම් පෙට්‍රල් බදු යනුවෙන් සඳහන් කර අපිට ආර්ථික තර්කයක් ද ගොඩනැගිය හැක.
නමුත් මේ ආණ්ඩුව බලපයට පත් වූ හැටියේම ආර්ථිකයේ ඉල්ලුම පැත්තට විශාල උත්තේජනයක් දුන්නේ ය. මෙයින් කෙරෙන්නේ භාණ්ඩවලට ඇති ඉල්ලුම වැඩි කිරිම ය. මේ සඳහා මිනිසුන්ගේ අතට මුදල් දිය යුතු ය. එවිට මිනිස්සු ඒ මුදල් වියදම් කිරීමට පෙළඹේ. එහෙම කරන විට මුලු ආර්ථිකයම දුවන්නට පටන් ගනී. උදාහරණයක් ලෙස ඉන්ධන මිල අඩු වූ පසු ආණ්ඩුවේ වගකිව යුතු නිළධාරින් අපිට පවසා ඇති ආකාරයට 95 ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චිය දෙගුණයකින් පමණ වැඩි වී ඇත. ඒ කියන්නේ ඔක්ටේන් 92 පාවිච්චි කළ අය 95ට ගොස් තිබේ. මේක අලුත් වාහන වලින්ම වෙන්නට නොහැකි ය. මිනිසුන්ගේ අතමිට සරු වූ පසු බදු එහෙට මෙහෙට යනවිට මිනිසුන් බයිසිකල් ගත්තේ ය. ත්‍රිවීලර් ගත්තේ ය. කාර් මෙන්ම තවත් දේ ගත්තේ ය. මම ඒකට විරුද්ධ නැත. මිනිසුන්ගේ ප්‍රවාහනයට මිනිස්සු ඒවා ගනිති. අපි තායිලන්තයේ කර තිබෙන සමීක්ෂණයකට අනුව මොන ආදායම් ස්ථරයක සිටියත්, ඒ නිවෙස්වල යාන්ත්‍රික උපකරණයක් තිබේ. ඒ කියන්නේ මොටර් බයිසිකලයක් හෝ දුප්පත් මිනිසෙකුගේ නිවෙසක ඇත. මිනිසුන් තම අවශ්‍යතාවයට අනුව කුමක් හෝ වාහනයක් තබාගෙන සිටීම නරක නැත.
දැන් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීට වසර ගණනකට පෙර 50% පමණ ගෙවල් වල මෝටර් බයිසිකලයක් නැතිනම්, නම් ත්‍රිවීලරයක් වැනි වාහනයක් තිබුණු බව පැහැදිලි ව අපි දනිමු. නමුත් අර මා අර ඉහත දී කියූ උත්තේජනය නිසා ඉතා විශාල වේගයකින් අපේ රටේ පසුගිය කාලයේ මේ වගේ භාණ්ඩවලට ඇති ඇති ඉල්ලුම වැඩිවිය. තවත් අපි කල්පනා කළහොත් වැට් වැනි බදු නිසා ආහාර මිල ඉහල ගියාට අපේ සාමාන්‍ය කුටුම්භයක ආදායමෙන් 40%ක වැනි මුදලක් තමයි අපි ආහාරවලට වියදම් කරන්නේ. 1960 සහ 70 ගණන්වල 70%ක් පමණ මුදලක් අපි ආහාර වලට වියදම් කළෙමු. එතකොට අපේ ආදායමෙන් ආහාර නොවන දේවල්වලට තමයි 60%ක් පමණ අද අපි වියදම් කරන්නේ. ඒක ආර්ථික වර්ධනයේ ලක්ෂණයකි. යම් කිසි සමාජයක් වර්ධනය වන්නට, වර්ධනය වන්නට ආහාර සඳහා පාවිච්චිකරන ප්‍රතිශතය අඩුවෙන අතර අනිකුත් දේවලට පාවිච්චිකරන ප්‍රතිශතය වැඩිවේ. අපේ ආහාර පාරිභෝජනය තිබෙන්නේ 38% සහ 40% වැනි අගයන් වල ය. එතකොට අපිට පෙනෙනවා මේ උත්තේජනය ඇති කළාම අපි වැඩිපුර වියදම් කරන්නේ ආහාර නොවන දේවලට ය. ඒ කියන්නේ වන්දනා ගමන්වලට. වෙනත් ගමන් බිමන්වලට. සහ ආහාර පාන නොවෙන නොයෙකුත් භාණ්ඩ ලබාගැනීමට ය. ඒක කරන්නට ගියාම වෙන දේ තමයි යම් කිසි ප්‍රමාණයකට අපනයන වැඩි කරන්නට සිදුවීම. මක්නිසා ද යත්. වත්මන් ලංකාවේ ආර්ථිකය හැටියට අපේ අද තියෙන්නේ සේවා ආර්ථිකයකි. අපේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් නොවුනාම අපි ඒවා ගන්නේ වෙනත් රටවලිනි. ඒ නිසා ආනයන වැඩිවේ.
අනික් අතට අපනයන වැඩිවීමත් සමග ම රුපියල අවප්‍රමාණය වියයුතුව තිබේ. අපේ ආනයන වැඩි වූ නමුත් අපේ අපනයන පසුගිය වසර 10යේ ම වැඩි වී නැත. ඒක නිකම්ම පල් වූ තැනකයි තිබුනේ. ඒ ප්රවනතාවය යටතේ විය යුතුම දෙයක් තමයි රුපියල අව ප්‍රමාණය වීම. අද රුපියල අවප්‍රමාණය වී ඇත. ඒක තුලනය වීම සාමාන්‍ය ස්වාභාවික දෙයකි. ආණ්ඩුව ඕකට ඇගිලි ගහන නමුත් ඒක නිකම් ස්වාභාවික බලවේගයක් වැනි දෙයකි. අපි ආනයනය කරනවා වැඩියි නමුත් අපනයකය කරන්නේ නැත. රුපියල අවප්රමානය වු විට ආනයන භාණ්ඩවල මිල වැඩිවේ. නමුත් එසේ වූ විට අපේ රුපියල අව ප්‍රමාණය වීම නිසා අපි යවන භාණ්ඩ ඒ රටවල මිනිස්සුන්ට වඩා ලාභ දායක වේ. එතකොට අපේ අපනයන වැඩිවෙන්නට අවශ්‍ය ය. ඒක තමයි ආර්ථික විද්‍යාවෙන් අපිට උගන්වන දේ.
ඊට අමතරව සිදු වූ වැදගත්ම දෙයක් තමයි ඇමෙරිකාව යම්කිසි මුල්‍ය ක්‍රමයක් අනුගමනය කරමින් සිටියේ ය. යුරෝපයට වෙනස්ව, ඇමෙරිකාව 2008 ආර්ථික කඩාවැටිමට මුහුණ දීම සඳහා මුල්‍යමය ක්‍රමවේදයක් පාවිච්චි කලේ ය. වෙනත් ආකාරයට කියන්නේ නම් ඇමෙරිකානු ආර්ථිකයට මුදල් විද්දේ ය. ඒකෙන් ඒ අයගේ ආර්ථිකය දැන් උස්සාගෙන තිබේ. යුරෝපයේ තවම එය උස්සාගන්නට නොහැකි වී ඇත. නමුත් ඇමෙරිකාව 2008ට තිබු තත්ත්වයට වගේ තත්තවයකට අද පැමිණ ඇත. ඒ අය ඒ තත්ත්වයට ආවාට පසු අඩු පොලියට ප්‍රග්ධනය නිකුත් කිරීම ටිකින් ටික ඉවත් කරමින් සිටිති. ඒ රටේ පොලී අනුපාතය අඩු වී තිබු අවස්ථාවේ ඒ රටේ අරමුණ වූයේ ඒ මුදල් ඇමෙරිකාවේ ආයෝජනය කරගැනීමට ය. ඒ මගින් රැකියා හා ආදායම් ජනනය කිරීමට ය. කොම්පැණිකාරයෝ සහ ප්‍රාග්ධන අයිතකිකාරයෝ ආණ්ඩුවට ඕනේ දෙවල් නොවෙයි කරන්නේ. මේ අඩු පොලී මුදල් අරගෙන ඒ අය කලේ ඒ රටේ වියදම් කරන්නේ නැතිව වෙනත් රටවල ආයෝජනය කිරීම ය. ඒ මුදල් ආයෝජනය කළ රටවල් අතර ලංකාව ද සිටියේ ය. මෙහෙ පොලී අනුපාතය ඉහළ අගයක් ගත්තා මෙන්ම ඒ අයට ලාභ උපයාගැනීමේ හැකියාව ද වැඩිවිය. බැඳුම්කර වැනි දේ ගත්තාම විශාල ලාභයක් අවදානමකින් තොරයව උපයාගත හැකි ය. කලින් ආණ්ඩුව ණය ගන්න විට. බැඳුම්කර නිකුත් කරනවිට ඒවාට ඉල්ලුම තිබුණේ අපේ ඇති විශේෂ ආකර්ෂණයක් නිසා නොව සාපේක්ෂව ඇමෙරිකාවේ තිබුණ තත්ත්වයට වඩා මෙහි ආයෝජනය කිරීම වාසිදායක වූ නිසා ය.
මේ වාසිය දැන් නැති වී තිබේ. මේක මෙහෙම වූයේ අපි කළ දෙයක් නිසා නොවේ. ඒ වාසිය අද නැති නිසා ලාභ රෙට්ටුව වැඩි දිසාවට එනම් ආපස්සට මුදල් ගලායෑම ආරම්භ වී තිබේ. එතකොට මෙහෙ අපිට දැන් ආයෝජනවල හිගයක් ඇත. අපේ පැරණි බැඳුම්කර මුහුකුරා යනවිට ඒවා ගෙවන්නට සිදු වි ඇති අතර දැන් අළුතින් ආයෝජකයින් පැමිනෙන්නේ ද නැත. අළුතින් නැවත ආයෝජකයින් ගෙන්නා ගන්නට නම් පොලිය වැඩිකර ආකාර්ෂණය වැඩිකළ යුතු ය. එසේ කරන්නට ගියහොත් ඒ ආකාර්ෂණීය පොලී මට්ටම් පෙරට වඩා හුගක් ඉහළ ය. මේ තත්වය තුළ දිර්ග කාලීනව නොව කෙටි කාලීනව අපි ආර්ථික වශයෙන් හිරවීමක සිටිමු. (මී ලග කොටසේ දී ඉතිරි ටික සාකච්ඡා කරමු.)
