අධිකාරිවාදයට පාර කැපූ 72 ව්‍යවස්ථා රාමුව නොව ලිබරල් රාමුවේ ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය ය, -මහාචාර්ය නවරත්න බණ්ඩාර
නව ව්‍යවස්ථාවක් හදන්නට අවශ්‍ය වී තිබෙන්නේ, රටේ ඇති සමාජ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට මෙතෙක් පැවති ව්‍යවස්ථා අසමත් වූ නිසා ය. බොහෝ දෙනා 78 ව්‍යවස්ථාව දෝශ දර්ශනයට ලක්කරන්නේ වී නමුත් එම ව්‍යවස්ථාවට පාර කැපුවේ 72 ව්‍යවස්ථාව බව බොහෝ දෙනා දන්නේ නැත. 72 ව්‍යවස්ථාව ගෙනාවේ දර්ශනයක් ඇතිව ය. මොකද්ද එදා තිබුණු දර්ශනය. ව්‍යවස්ථාව ලියූ අයගේ දර්ශනය ගතහොත් තිබෙනවා සමාජවාදි සමාජයක් දක්වා පරිවර්තනය වන රාජ්‍යයක් යන දර්ශනය. ඊ ළගට වේගවත් ආර්ථික සංවර්ධනය ද ඒ දර්ශනයට ඇතුලත් ය. මේ වගේ සමාජ ආර්ථික පැත්තට බරවෙන ඉල්ලිම් තමයි එහි තිබුනේ. එතකොට පුද්ගල නිදහස ශක්තිමත් කිරිමේ දර්ශනය නොවෙයි එහි තිබුණේ. ඒ අනුව 72 ව්‍යාවස්ථාව සොල්බෙරි ව්‍යාවස්ථා දර්ශනය හෙවත් ලිබරල් දර්ශනයෙන් කැඩී ගියේ ය. කැඩි ගොස් ඇත්තටම මධ්‍යගත රාජ්‍ය බලයක් තමයි ගොඩනැගෙන්නේ. ඒ අනුව විධායකය ශක්තිමත් කළේ ය. න්‍යයාත්මකව ව්‍යවස්ථාවේ තිබුනේ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ය. එහෙත් ප්‍රායෝගිකව තිබුනේ අගමැතිවරයා මුල්කර ගත්තු කැබිනට් විධායකය ශක්තිමත් කිරීම ය. විශේයෙන්ම මෙහිදි අගමැතිගේ බලය ශක්තිමත් විය. ඒ ව්‍යවස්ථාවේ අගමැතිට ව්‍යවස්ථාවෙන්ම බලය ලබා දි තිබුණි. ඒ අනුව අගමැත්ට පුලුවන්කම තිබුණා විෂයන් ද වෙනස් කරන්නට. සාමාන්‍යයෙන් කැබිනට් ක්රමයක මේවා සම්ප්‍රදායන් මත සිදුවන වන නමුත් 72 ව්‍යවස්තාවේ එය ලියා තිබුණි. ඒක තේරුනේ හරියට ව්‍යවස්ථාව හදපු දෙන්නාම අගමැතිවරයා එක පැහැන් පහරින් ඉවත් කළ විට ය. ඇන්. ඇම්. හා කොල්වින් අමාත්‍ය ධුර වලින් ඉවත් කලේ ය. හදිසි තත්තවයක් ප්‍රකාශ කිරීමේ බලය ද අගමැතිට පවරා තිබුණි. හදිසි අවස්ථාවේ දි ඕනෑම නීතියක් අතික්‍රමණය කරන්නට පුළුවන. ඕනෑම විධිවිධානයක් අගමැතිවරයාට අත්හිටුවන්නට පුළුවන. ජනාධිපතිට උපදෙස් දෙන්නේ අගමැති ය. තව ද 72 ව්‍යවස්ථාවේ අගමැතිගේ බලය වඩා හොඳට ගොණු කිරීම සඳහා බලතල ලැයිස්තුවක් ලියා තිබුණි.
මේ නිසා ජේ ආර් ජයවර්ධනට වැඬේ පහසු විය. අගමැතිට තිබු ඒ බලතල කියන තැනට ජනාධිපති ලෙස ලියු පසු ජනාධිපතිවරයාගේ අධිකාරය යටතට සියල්ල වැටුණේ ය. ඒක තමයි විධායක ජනාධිපති වන්නේ. එතකොට 72 ව්‍යවස්ථාව තමයි ජනාධිපති ක්‍රමය හදන්නේ. ඒ නිසා අපි දොස් දකින්නට ඕනේ 78 ව්‍යවස්ථාවට නොව 72 ව්‍යවස්ථාවට ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ආ මතය තමයි ඒකිය රාජ්‍ය කියන සංකල්පය තුළ මේ මධ්‍යගත කිරීම කරන්නට අවශ්‍ය කියන එක. ඒක නිකම්ම බලය මධ්‍යගත කරන එකක් නොවෙයි. ඒකිය රාජ්‍ය කියන සංකල්පය ඇතුල් කරමින් ෆෙඩරල්වාදය නීතියෙන් ප්‍රතික්ෂේප කරන අදහසක් ඒකේ එන්නේ. ඒතකොට ඒ විධායක බලය, ඒකිය භාවය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය තුළයි තිබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන සියලු බලතල පවරා තිබුණි. අප රටේ මේ ඒකිය රාජ්‍ය සංකල්පය එහෙම තමයි ගොඩනගා තිබෙන්නේ. ඊ ළගට රාජ්‍යයේ උත්තරීතර ආයතනට බවට පත්කරනවා පාර්ලිමේන්තුව. ජාතික රාජ්‍ය සභාව ඉහළම අධිකාරය ලෙස 72 ව්‍යවස්ථාවේ ලියැවි තිබේ. අගමැති ආණ්ඩු ක්‍රමයක් නේ හදලා තිබුනේ. ඒක පාර්ලිමේන්තු ක්‍රමය නොවේ. වෙස්ට්මිනිස්ටර් මොඩල් එකේ අගමැතිට ඔහොම බලයක් නැත. අගමැතිට බලතල තිබෙන්නේ දේශපාලනය පැත්තෙනි. ඒක එන්නේ සමාජයේ සහයෝගයෙනි. එතකොට මේ අගමැතිගේ විධායකය හරහා තමයි ඒකිය භාවය රැකෙන්නේ. අද ඒකියත්වය පිළිබඳ බලය තිබෙන්නේ ජනාධිපති යටතේ ය. මේක ප්රජාතන්ත්රවාදි මූල ධර්මය නොවේ. ප්රජාතන්ත්රවාදි ඒකිය පාලන ක්රමයක නම් මේ ඒකීයත්වය නිරූපනය වන්නට ඕනේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය තුළ. අද තියෙන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය නාමික එකකි. ජනාධිපති එයට උඩින් සිටියි. ජනාධිපති බලතල වලට මොන සීමා දැම්මත් රාජ්‍ය ඒකියත්වය ලිපිබඳ කාරණාවට ගියහොත් ඒක ආරක්ෂා කිරිමේ වගකිම විධායකයට තමයි බැඳිලා තිබෙන්නේ. ඒ නිසා තමයි රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, කැබිනට් එකේ නායකයා වන්නේ ජනාධිපති . විධායකයේ සියලුම බලය දීලා මේක වෙන කෙනෙකුට පවරන්නට බෑ කියලා ලියලා තිබෙන්නේ. ආරක්ෂක කටයුතු පිලිබඳ වෙනත් අයෙකුට දෙන්නට නොහැක. හමුදාව පිලිබඳ කටයුතු වෙන කෙනෙකුට ගන්නට නොහැක. මේ රාජ්‍ය සකස් කරලා තිබෙන්නේ ඒ ආකාරයට ය. දැන් මේකෙන් කරලා තිබෙන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදයකට යනවාට වඩා රාජ්‍යට යම්කිසි ආරක්ෂක රාමුයවක් සකස් කිරීමකි. ඒක කර ඇත්තේ රාජ්‍යයේ ඒකිය බව ආරක්ෂා ගැනීම ප්රමුඛ කාරණය වන නිසා ය. 72 වෙන විට කැරලි ගැසිමේ තත්වයන් ද මතු වේ. 78 වන විට උතුරේ වෙනම රාජ්‍ය සංකල්පයද පැමිනියේ ය. ඒ නිසා වඩාත් ශක්තිමත් ආකාරයට රාජ්‍ය සකස් කරනවා. මක්නිසා ද යත් කැරලිකාර තත්වයන්ට මුහුණ දෙන්නට.
ඒ නිසා ඇත්තටම ආරක්ෂක ප්රජාතන්ත්රවාදකට තමයි මෙතන අවධානය යොමකර කරන්නේ. රාජ්‍ය ආරක්ෂා වන්නේ මානව හිමිකම් ආරක්ෂාව වුවහොත් පමණි. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන්නේ රාජ්‍ය ශක්තිමත් කිරීමෙන් නොව මහජනාගේ සිවිල් අයිතිවාසිකම් ශක්තිමත් කිරීමෙනි. මහජනයාගේ සිවිල් අයිතින් ශක්තිමත් කරන්නට වෙන්නේ ව්‍යවස්ථාවේ උත්තරිතරත්වය මත අධිකරණයේ ස්වාධිනත්වය ගොඩනැගීමෙනි. ඒ නිසා පාර්ලිමේන්තු ස්වාධිපති සංකල්පයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරය යන දෙක අතර පරස්පරක් නැත. මේ දෙක එකටයි තිබෙන්නේ. පාර්ලිමේන්තු ස්වාධිපත්ත්ය තුළ මහජනයා ඉස්මතුවීම නියෝජනය කරන්නට නම් මහජනයාගේ සිවිල් අයිතිවාසිකම් රැකෙන්නට අවශ්‍ය ය. ඒක කෙරෙන්නේ අධිකරණයෙනි.
සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් කළ ව්‍යවස්ථාදායකය හා විධායකයෙන් අධිකරණය කඩන්නට පුළුවන. අපේ සිවිල් අයිතිවාසිකම් වලට බාධාකරන ආයතන දෙක වන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය වේ. ඒ නිසයි මම කිව්වේ අධිකරණය ස්වාධීන්ව තිබියයුතු බව. එතකොට අපේ දේශපාලන අයිතිවාසිකම් තිබෙන්නේ ව්‍යවස්ථාදායකය හා විධායකය තුළය. නමුත් එය සමාජ අයිතිවාසිකම් වලට එනවිට එය රාජ්‍ය පරිපාලනය වේ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේ මෙහෙය වන්නේ වෘත්තීය රාජ්‍ය සේවක් විසින් ය. එතන දි අයිතිවාසිකම් ආක්ෂාවෙන ආකාරයට සම්පත් ඵලදායක ලෙස බෙදා හැරීම කෙරෙන්නට අවශ්‍ය ය. සමානව මිනිසුන්ට සේවා සම්පාදනය කිරීම ඉතා අවශ්‍ය ය. නිදහස් අධ්‍යපනය, සෞඛ්‍ය සේවය, සමාජයේ ආන්තික සහ දුප්පත් කියන කොටස් බලගැන්වීමට අවශ්‍ය ය. වඩා සාධනීය පැත්තට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ය. නූගත්කම නැති කිරීම, අධ්‍යපනය පුළුල්කිරීම. ඒ අධ්‍යපනය ගුණාත්මක අධ්‍යපනයක් කිරීම. වැනි දේ ඒ සමාජ අයිතිවාසිකම් වලට අයත් ය.
නමුත් 72 ව්‍යවස්ථාවේ දර්ශණය තුළ සිදුවූයේ කුමක් ද? අපි ඒක වඩාත් සංකේන්ද්‍ර ගතකරමින් ඒ තත්ත්වය තවත් හොඳට නිරූපනය වන්නට 78 ව්‍යවස්ථාව නිර්මාණය කළේ ය. 72 ව්‍යවස්ථාව ලිව්වාම නේ දෙමළ අයට පෙනෙන්නේ සුළුතරය ඉවත්කරලා තිබෙන්නේ කියලා. ඒ ව්‍යවස්ථාවේ ජනවාර්ගික ධූරාවලියක් ඇති බව ව්‍යවස්ථාවේ නිරූපනය විය.
ඇත්තටම නව ව්‍යවස්ථා සංවර්ධනයක දී මේවා වෙනස් කරන්නට අවශ්‍යය. හැබැයි ප්රශ්නය තියෙන්නේ මේවා වෙනස් කිරීමට පමණක් ගියහොත් අපි අද තියෙන ප්‍රශ්නවලට පමනක් ව්‍යවස්ථාවක් නිර්මාණය කළා වේ. එතකොට අද තිබෙන ප්‍රශ්න වලට පමණක් ව්‍යවස්ථාව හිරවේ. ඉස්සරහට මුහුණ දෙන්නට වෙන ප්‍රශ්නවලට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණය එතකොට ව්‍යවස්ථාවේ නැති වෙන්නට පුළුවන. ඉස්සරහට එන්නට තිබෙන වෙනස්කම් වන්නේ තාක්ෂණය. පරිසරය වැනි දේ ය. ඒ හරහා එන ප්‍රශ්නවලට ද නව ව්‍යවස්ථාව ආමන්ත්‍රණය කළයුතුව තිබේ. පරිසරයෙන් එන ප්‍රශ්න දැනටම දැනෙන්නට පටන්ගෙන තිබේ. හදිසි ආපදාවලට විශාල ලෙස වියදම් කළයුතු කාලයක් පැමිණ ඇත. ඊ ළගට ගෝලීය වෙනස්කම්, තාක්ෂණ වෙනස්කම් හරහා එන තත්ත්වයන් ඇත. ඒ තුල නිදහස්ව තීරණ ගන්නට ලැබෙනවා ද? ඊ ළගට සමාජයේ ප්රබුද්ධත්වය වැඩි දියුණු කිරීමට කොතරම් දුරට ඉඩකඩ සපයනවා ද? යන්නට ව්‍යවස්ථාව බලපානු ලැබේ. ප්රබුද්ධ ජීවිතයක් පිළිබඳව අදහස වෙනුවට පසුගාමි රාමුවක මිනිසුන්ගේ ජීවිතය කොටුකරන ආකාරයට නම් ව්‍යවස්ථාව සකස් වන්නේ ඒක දේශපාලකයින්ට වාසිවන්නට පුළුවන. නමුත් රට ඉදිිරියට ගෙනියන්නට ඒක පාවිච්චි වෙන්නේ නැත.
දැන් ඔය විමධ්‍යගතකරණය කියන එක සිංහළ දේශිය සම්ප්‍රදායට පටහැනි දෙයක් ලෙසටයි සැළකෙන්නේ. නමුත් සිංහළ දේශයේ රාජ්‍ය සම්ප්රදාය තුළ තිබෙන්නේ විමධ්‍යගත පාලන ක්‍රමයක් පිලිබඳ සංකල්පය වේ. අශෝකගේ ධර්ම රාජ්‍ය සංකල්පය තුළ තිබෙන්නේ චක්‍රවර්ති රජු අනිකුත් පාලකයින්ගේ මනෝවිද්‍යාත්මක අනුමැතිය ගන්නට කළ උත්සහයක් බව පැහැදිළිව පෙනෙන්නට ඇත. ඒ සංකල්පය අපේ රාජ්‍ය ක්‍රමයට එනවිට ප්‍රාදේශිය පාලකයින් තමන්ට අවනත වූ හා මානසිකව බැඳුනු පිරිසක් වන ආකාරයට තමයි රාජ්‍ය සකස් කරගන්නේ. ඉතින් අපි ඒක උසස් තත්ත්වයට අපේ සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පය තුළ ඉදිරිපත් කරන්නේ නැත. ඒ නිසා එය ව්‍යවස්ථා හදන්නට යෑමේ දී එක්තරා ආකාරයකට සමාජය තැතිගන්වන තත්ත්වයකයි තිබෙන්නේ. 72 ව්‍යවස්ථාව අධිරාජ්‍යවාදයට විරුද්ධව යැයි කියමින් සකස්කර රටේ ආර්ථිකය ජාත්‍යන්තර වූ ආර්ථිකයක් කරන්නට නොවෙයි අපේක්ෂා කලේ. අර සමාජවාදි මධ්‍යගත රාජ්‍ය හා ආර්ථික ක්‍රමයක් සඳාහා වන රාජ්‍ය ක්‍රමයක් තමයි සකස් කලේ. ඒ නිසා රාජ්‍ය දේපොල ගොඩනැගෙන ආකාරයට තමයි රාජ්‍යයක් අපි හදන්නේ. ඒ තුලින් අපි විශේෂ පංතියක් නිර්මාණය කලේ ය. ඒ අය ආර්ථික බලය යොදාගන්නවා. දැන් මේ රාජ්‍ය දේපොල හසුරුවන්නේ ඔවුන් ය. ඒ නව පංතිය වන්නේ දේශපාලකයෝ ය. ඒ දේශපාලකයින් සමග වන නිලධාරි පංතිය මේ රාජ්‍ය දේපොල පරහරණය කරති. ඒක පරිහරණය කරන්නට අර රෙගුලාසි රාමුව අයින් කරන්නට අවශ්‍ය ය. ඒ නිසා ඒ ආයතනවලට ශක්තියක් ලබාදෙන්නට හදාගත්තු තත්වය වෙනස් වේ. ඒ නිසා දැන් ආයතන දුර්වල ය. හුගක් ආයතන මූල ධර්මවල පදනම්ව වැඩකරන්නේ නැත.
දැන් මේ තත්තවය වෙනස් කළයුතුව තිබේ. නව ව්‍යවස්තාවක් හදන්නේ නම් එතනදි ප්‍රශ්න ගනනාවකට මුහුණ දෙන්නට සිදුවේ. මිනිසුන්ගේ මානසිකත්වය තිබෙන්නේ වෙනම තලයක ය. ඒකත් සමග එකගතාවයක් හදාගන්නට සිදුවේ. නැත්නම් ඉදිරියට යන්නට නොහැක. සමර වෙලාවට එය බුද්ධාගම අනුග්‍රහයක් දක්වන එක ගැන එකගතාවයකට යන්නට සිදුවිය හැක. කෙසේ නමුත් ලිබරල් රාමුවෙන් ඉවත් වී පැමිණි මේ ගමන කෙලවර වූයේ ඉතාමත් නරක ලෙස තනි පාලකයෙකුගේ හිතුවක්කාරි පාලනයකිනි. ජනවාරි 8 මේ රටේ ජනතාවගෙන් බහුතරය එය ප්‍රතික්ෂf්ප කර ඇත. දැන් ඉතින් නැවතත් ලිබරල් මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් දෙසට ගමන් කිරීමට කාළය පැමිණ ඇත.
