රුසියාව යුක්රේන ආක්‍රමණය නිවේදනය කරයි

යුක්රේනයේ දොන්බස්ක් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් නෙවේදනය කොට ඇත.

අවි බිම තබා නිවෙස් වෙත යන ලෙස ද පුටින් ජනාධිපතිවරයා යුක්රේන හමුදාවෙන් ඉල්ලීමක් කළේ ය.

යුක්රණයේ ප්‍රාන්ත දෙකක් ස්වාදීන රාජ්‍යයන් ලෙස ප්‍රකාශ කිරීමට රුසියානු ජනාධිපතිවරයා මීට පෙර කටයුතු කළ අතර එයට විරෝධය පාමින් රුසියාවට සම්බාධක පැනවීමට ඇමෙරිකාව, බ්‍රතාන්‍යය , ජර්මනිය සහ ජපානය පියවරා ගත්තේ ය.

රුසියාව යුක්රේන ආක්‍රමණය නිවේදනය කළේ එම ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීමක් පවත්වන අතර  ය.

රුසියාව යුක්රේනය ආක්‍රමණයට සුදානම් වන බව ඇමෙරිකාව මීට සති දෙකකට පෙර ප්‍රකාශ කළේ තම ඔත්තු සේවා වාර්තා උපුටා දක්වමිනි. එම අවස්ථාවේ රුසියාව කීවේ ඇමෙරිකාව බොරු ප්‍රචාරයක් කරන බව යි.

රුසියාවේ ක්‍රියාව ස්වාධින රාජ්‍යයක භෞමික අඛ්න්ඩතව උල්ලංඝනයක් බව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති කැඩීමක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *