අයි එම් එෆ් යන පොරොන්දුව මත ඉන්දියානු ණය ගන්න අත්සන තබයි

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමේ ගිවිසුමට ඉදිරි දින කිහිපයේ දී අත්සන් තබන බවත්, ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසියක් වන, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය එකඟ වී ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට දැනට ලබා දී ඇති ඩොලර් මිලියන 500 ට අමතර වශයෙන් ඉන්දියාව මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා දෙයි.
මේ පිලිබඳ ගිවිසුම් අත්සන් කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සති අන්තයේ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට සහයවීමක් ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ආයෝජන ලබා දීමට ද ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
