අයි.ඕ.සී. සමාගම පෙට්‍රල්, ඩීසල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබේ. එම මිල ඉහළ දැමීම් අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තවමත් මිල ඉහළ දැමීමක් නිවේදනය කොට නැත.
ලෝක වෙළෙඳ පොලේ තෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වා ඉහළ ගොස් ඇත්තේ පෙර පැවති ඩොලර් 80 -82 මිල ගණන්වල සිට බව වාර්තා වී ඇත.
