මාර්ග තදබදය නිසා බස් ගාස්තු වැඩි කරන්න වෙලා – පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජුනි මාසයේ දී තමයි බස්රථවල නඩත්තු වියදම, ටිකට් ගාස්තු වැනි දේවල්වල ගණන් මිමි හදන්නෙ. බස්ගාස්තු වැඩි කිරීම ගැන තීරණ තීන්දු ගන්නෙ. අපි පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය වශයෙන් ඉල්ලා සිටියා ඒ ගණන් මිමි ගැන සාකච්ඡුා කරන්න අවශ්‍යයි, ඒ ගැන කටයුතු කරන්න කියල.
අපිට ගැටළුවක් තියෙනව දැනට තියෙන මිල සූත්‍රය ගැන. දැනට තියෙන මිල සූත්‍රය දැනට වසර 15 කට වඩා පැරණි මිල සූත්‍රයක්. මේ සූත්‍රයට දැන් ඇති වෙලා තියන මාර්ග තදබදය එකතුවෙලා නෑ. කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඇති වෙලා තියෙන මාර්ග තදබදයත් එක්ක ඉන්දන පිරිවැය එකතුවෙලා තියනවද? නෑ. අපි ඉන්දන ප්‍රතිශතයක් ලෙස ගන්නව නම්, අවුරුදු 15 කට ප්‍රථම ඉන්දන අගය තිබ්බෙ 27%යි. ඒ කියන්නෙ බස්ගාස්තු ආදායමෙන් 27%ක් ඉන්දන සඳහා වියදම් වෙන බව සලකලයි ගණන් බැලූවෙ. නමුත් අද මේ වියදම 50% දක්වා වැඩිවෙලා තියෙනව. ඒකට හේතුව මාර්ග තදබදය. එය වැඩියෙන්ම බලපාන්නෙ කොළඹ සහ කොළඹ තදාසන්න පළාත්වලට. බස්රථ ආධායමෙන් 3/1ක් තමයි ඉන්දන සඳහා ගණන් බැලූවෙ. ඒක බස්ගාස්තු පිළිබඳ මිල ශූත්රයේ එක සඳහන් වෙලා තියෙනව. ඒක හදල තියෙන්නෙ 2001 අගොස්තු මාසෙ. ඒ මීට වසර 15 කට ඉස්සර වෙලා. ඒ 3/1 අද (2016* 2/1ක් දක්වා වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ 50%ක්.
මාර්ග තදබදය නිසා ඇතිවෙන ඉන්දන දහනය 50%ක් දක්වා වැඩිවෙලා තියෙන නිසා අපිට අමතර මාර්ග තදබද ගාස්තුවක් අයකරන්න සිද්ධ වෙනව. එදා 3/1ක් වෙච්ච ඉන්දන අද 2/1ක් දක්වා වැඩිවෙලා තියෙනව. මේ ඉන්දන අධික ලෙස වැයවිම නිසා අපිට ජුලි මාසෙ පළවෙනිදා සිට මාර්ග තදබද ගාස්තුවක් මගී ජනතාවගෙන් අයකරන්න සිද්ධ වෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම අය කරන්න කටයුතු කරනවා. යම් ආකාරයකින් එවැනි දේකට ආණ්ඩුව බලපෑම් ඇති කරන්න උත්සාහ ගත්තොත්, අපිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනව කියල කණගාටුවෙන් වුනත් කියන්න ඕනැ .
අපි පහුගිය කාලෙ පුරාම කිව්වා මාර්ග තදබදය අඩු කරන්න කටයුතු කරල දෙන්න කියල. කොළඹට දිනකට සංසරණය වෙනව බස්රථ 13500ක ප්‍රමාණයක්. (රටේම තියෙන්නෙ ලංගම ඉස් රථත් එක්ක බස්රථ 25000යි.* කොළඹට අනිත් වාහන දිනකට ඇතුල් වෙනව ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක්.
පොදු මහජනතාව අදටත් වැඩිපුර ප්රවාහණය කරන්නෙ පෞද්ගලික බස්කර්මාන්ත කරුවන්. ඔවුන්ගෙන් 52%ක ප්‍රමාණයකට බස් කර්මාන්තකරුවන් සේවය ලබාදෙනව. මීට අවුරුදු 5 කට ඉස්සර මෙම ප්‍රමාණයක් 68%ක් වෙලයි තිබුණෙ. 52%ක දක්වා අඩුවෙන්න හේතු කීපයක් තියෙනව. බස් පරිපාලනය කරන්නෙ අපි නෙමෙයි. ඒක කරන්නෙ රජයෙන්. පසුගිය රජයේ පරිපාලන දුර්වලකම් නිසා තමයි ඒ තත්ත්වය පහළට වැටුනෙ. ඒක නිසා තමයි ඒ ආණ්ඩුව ගෙදර ඇරල යහපාළන ආණ්ඩුවක් හදා ගත්තෙ අද යහපාළන ආණ්ඩුවත් දියාරු වෙමින් පවතිනව. පෞද්ගලික බස් කර්මාන්තයට හැමදාම, හැම ආණ්ඩුවක්ම කරන්නෙ කුඩම්මාගෙ සැලකිලි.
අපි 12%ක් රටේ සංවර්ධනයට දායකත්වයක් දෙනව. ඒක මහ බැංකු වාර්ෂික වාර්තාවෙ සඳහන් වෙනව. ඒත් අපිට කතා කරන්නෙ කුඩම්මාගෙ සැලකිල්ල විදිහට. අපි ඉල්ලීම් ඉල්ලල, අන්තිමට යන්න ඕනෙ උසාවි ගානෙ. එහෙම නැත්නම් වැඩවර්ජන කරන්න ඕනෙ. මෙවර අපේ ඉල්ලීම ගැන සලකල බැලූවෙ නැත්නම්, අනිවාර්යෙන්ම ජුලි මාසේ මුල සිට මාර්ග තදබදය වෙනුවෙන් ගාස්තුවක් අයකරන්න සිද්ධ වෙනව. අපි මාසයකට කලින් පූර්ව දැනුම් දීමක් කෙරුවෙ ඒ නිසා. අද ජූනි මාසෙ පළවෙනිදා. ජූලි මාසෙ 1 වෙනිදා අපි අපේ ක්‍රියාමාර්ග ගන්නව. මේ වෙනස සිදුවිය යුුතුමයි. එසේ නොවන්නේ නම් එයට පිළියම් ආණ්ඩුව විසින් ලබාදිය යුතුමයි.
එදා මේඝා ඞීල් සිද්ධ වෙච්ච නිසා අලූත් යහපාලන ආණ්ඩුවක් හැදුව. අදත් මෙඝා ඞීල් සිද්ධ වෙනව. එදා ඩිල්දාපු නිලධාරීන් අදත් ඉන්නව අමාත්‍යාංශවල. එදා තිබුණ තත්ත්වය හා සමානවම ඞීල් එකක් දැනටමත් කරගෙන යනව. පාලම් ගහපුවහම අතට ගාණක් හම්බ වෙනව. යකඩ පාලම්වලට සල්ලි හම්බවෙනව. පහුගිය ආණ්ඩුවෙ ගහපු යකඩ පාලම් අසාර්ථකයි. නුගේගොඩ එකක් තියෙනව. දෙහිවල එකක් තියෙනව. යකඩ පාලම් ගහල ජනතාව රවට්ටන්න හදනව. එක කිලෝමීටරයකට බිලියන 7ක් වෙන්කරල තියෙනව. පාර පළල් කරනව නම් යකඩ පාලම් අවශ්‍ය නැහැ. යකඩ පාලම්වල වාහනයක් යනකොට සද්දෙ බලන්න. ඔය පාලම් කොච්චර කාලයක් තියෙනවද කියල බලන්න. එත් වියදම බලන්න. එකි කිලෝ මීටර් එකකට බිලියන 7ක්. බස් කර්මාන්තය දියුණු කරන්න මිලියන 100ක් 200ක් යයි. අපි කියන්නෙ බස්වලට ප්‍රමුඛත්වය ලබාදෙන ලේන් හදන්න කියලා. මෙයාලා හදන්නෙ රටේ ජනතාව ගොනාට අදන්ල ආයෙත් රට බංකොළොත් කරන්න.
අපි රජ යට අනතුරු අ`ගවනව, ජුලී මාසේ 1 වෙනිදා වෙන විට, මේ සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් දුන්නෙ නැත්නම් අපි මාර්ග තදබද ගාස්තුව බස්ගාස්තුවට එකතු කරනවාමයි. එතකොට බස් ගාස්තුව දැනට තියෙනවට වැඩිය 10%කින් පමණ ඉහළ යයි.
