අවස්ථාව උදාවී තිබෙන්නේ සමාජ ක්‍රමය වෙනස් කරන දේශපාලනයකටයි – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ දී ලාල් කාන්ත

201d5dc0d731පක්‍ෂයට ගහන අවලාද සම්බන්ධයෙන් මාතෘකාව කතා කරද්දී මට මතක් වෙනවා මීට වසර 15කට පමණ පෙර ”අපට නඟන අවලාදවලට පිළිතුරු” නමින් හයිඞ් පිටියේදී රැුලියක් පැවැත්වූවා. රෝහණ විජේවීර සහෝදරයාත් මුල් කාලයේත් ඉන් පසුවත් මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාකච්ඡුා කළා. පක්‍ෂය පිහිටුවන්න ආරම්භ කළ දිනයේ පටන් විවෘතවත් සැඟවිලත් අපිට අවාසි මතවාද විවිධ බලවේග විසින් සමාජගත කළා. සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය වගේ පැරණි වමේ පක්‍ෂවලටත් විවිධ අවලාද එල්ල කර තිබෙනවා. වමේ ව්‍යාපාරයට මෙවැනි අසත්‍ය බොරු ප‍්‍රචාර, අවලාද කි‍්‍රයාත්මක වන නිසා කාලෙන් කාලෙට ඒ සම්බන්ධයෙන් කතා කරන්න සිදුවෙලා තිබෙනවා. පසුගිය සතියේ සති අන්ත පුවත්පතක් මගින් අපේ පක්‍ෂයත් අනුර සහෝදරයත් මූලික කරගෙන දැවැන්ත මඩ කන්දරාවක් පළකොට තිබුණා. එවැනි අවලාද කාලයක් තිස්සේ යටින් ගිහින් විවෘත තලයට එන්නේ මේ වෙලාවේ දේශපාලන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශේෂ භූමිකාවක ඉන්න නිසයි.
මීට අවුරුදු එක හමාරකට දෙකකට පස්සට ගියොත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව වැඩ කරපු පුද්ගලයින් තුන්දෙනෙක් හිටියා. ඒ අනුර දිසානායක, නිල විපක්‍ෂ නායක වූ රනිල් වික‍්‍රමසිංහ සහ මෛතී‍්‍රපාල සිරිසේන. ඒ වෙලාවේ මේ රටේ ජනතාව විපක්‍ෂ නායකයා විදියට පිළිගත්තේ අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයායි. ඒක බලෙන් අත්පත් කරගත්ත එකක් නෙවෙයි. පක්‍ෂයේත් අනුර සහෝදරයාගේ නායකත්වයෙනුත් අප ගෙන ගිය භාවිතාවෙන් තමයි ඒක අත්පත් කරගත්තේ. සමාජයේ විපක්ෂ නායකයා ලෙස පිළිගත් අපේ පක්ෂයේ නායකයාට තමයි මේ අවලාද ව්‍යාපාරය එල්ල වෙලා තිබෙන්නේ.
විජේවීර සහෝදරයා ඉන්න කාලෙත් එහෙම තිබුණා. රෝහණ සහෝදරයත් ගමනායක සහෝදරයත් අතර මත ගැටුමක් තිබෙන බව ප‍්‍රචාරය කළා. පක්‍ෂයට එල්ල වෙච්ච අවලාදවලට උත්තර දෙන්න රෝහණ විජේවීර සහෝදරයාත් ගමනායක සහෝදරයාත් කැසට් එකක් පළකළා. ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්‍ෂය සමාජගතවී තිබුණු නිසා ඒ අවස්ථාවේ පක්‍ෂයේ නායකයින් තෝරාගෙන අවලාද ගහන්න පටන් ගත්තා. ඔබ දන්නවා අප ජීවත් වෙන සමාජ ආර්ථික ක‍්‍රමයේ පංති දෙකක් තිබෙනවා. එක් ස්ථරයක් ලාභ ලබනවා, බුක්ති විඳිනවා. බුක්ති විඳින පිරිස එය පවත්වාගෙන යාම සඳහා ධනපති පක්‍ෂ, විවිධ සංවිධාන, මාධ්‍යවේදීන් කුලියට ගත් පුද්ගලයින් යොදා ගන්නවා. මේ ධනපති සමාජ ක‍්‍රමයේ මේ වෙනකොට කෙළවරටම ඇවිත් ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණ මේ සමාජ ක‍්‍රමය පවත්වාගෙන යන්න උදව් කරන පක්‍ෂයක් නෙවෙයි. ජවිපෙ බිහිකරලම තිබෙන්නේ මේ ධනපති සමාජ ක‍්‍රමය පෙරලා දාලා අලූත් සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම වෙනුවෙන්. ඒ නිසා මේ ධනපති සමාජ ක‍්‍රමය තිබිය යුතුයි කියන සියල්ල අපේ දේශපාලනික සතුරෝ බවට පත්වෙලා. ඒ සියලූම දෙනා ජවිපෙට විරුද්ධයි. ජවිපෙට එරෙහිව ලියනවා. මත හදනවා. නායකයන්ට ප‍්‍රහාර එල්ල කරනවා. දවසේ පැය 24ම ඒ වෙනුවෙන් වැය කරනවා. මේ සමාජ ක‍්‍රමය වෙනස් කර නවීන සමාජයක් වෙනුවෙන් දේශපාලනය කරන එකම දේශපාලන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ නිසා අවලාද නගනවා. අපේ පංතිය ඒක අවබෝධ කරගත යුතුයි. අපේ පක්‍ෂයේ සාමාජිකයෝ අවලාදවලින් කලබල නොවුණට අපේ පංතියේ අය කලබල වෙනවා. ඒ නිසා සාකච්ඡුාවක්  ඕනෑ.
අපේ පක්‍ෂයේ නිර්මාතෘ විජේවීර සහෝදරයා ජනමාධ්‍ය ධනේශ්වර ජනමාධ්‍ය ලෙසත්, නීතිය ධනේශ්වර නීතිය ලෙසත් පාර්ලිමේන්තුව ධනේශ්වර පාර්ලිමේන්තුව ලෙසත් පොලීසිය, ධනපතියන්ගේ පොලීසිය ලෙසත් අධිකරණය ධනපතියන්ගේ අධිකරණය ලෙසත් පැහැදිලිව පංති අර්ථයෙන් හැඳින්වුවා. සෑම තැනකදීම පංති අර්ථයෙන් කතා කළා. මාධ්‍යවල ප‍්‍රාග්ධනය ගැන, කර්තෘවරුන් ගැන, ලියන අය ගැන සමාජයට පැහැදිළි අවබෝධයක් ලබාදුන්නා. ඒ ආයතන මගින් මේ ධනේශ්වර සමාජ ක‍්‍රමය රකිනවා. ඔවුන් වමේ දේශපාලන නායකයින්ට ගෞරව කරන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ නැහැ. එනිසා ඒ ආයතන සම්බන්ධයෙන් පංති ස්වරූපයෙන් කතා කරන්න වෙනවා. මේ අභියෝගය මේ සමාජ ක‍්‍රමය වෙනස් කරන්න දේශපාලනය කරන  ඕනෑම ව්‍යාපාරයකට තිබෙනවා. අපිට අවලාද ගහපු අය දැන් ටිකක් නිහඬ වෙලා. ජාතික යැයි කියාගන්නා අපිට අවලාද නගපු පුවත්පතට සමාජ ගෞරවය ලබාගන්න මාධ්‍යවේදියා ඉල්ලා අස්වුණා.
සාමජ පරිවර්තනයක් කරන්න යන පක්‍ෂවලට හොඳ අත්දැකීමක්, න්‍යායක්, නායකයින්ට කැපකිරීමේ හැකියාවක් තිබෙන්න  ඕනෑ කියලා ලෙනින් සහෝදරයා කියා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපට 1965 ඉඳලා අත්දැකීම් තිබෙනවා. දියුණු න්‍යායක් තිබෙනවා. අපි එය භාවිතා කරනවා. 71දීත් 88-89දීත් ඉන් පසුවත් කැප කරන්න පුළුවන් කියලා ඔප්පු කර තිබෙනවා. ඒ වගේම වමේ ව්‍යාපාරයක් සාමජය තුළ වැඩි බහුතරයක් තුළ විශ්වාසය දිනාගන්න  ඕනෑ. දැන් මේ අවලාද අදාල වෙන්නේ ඒ කොටසටයි සමාජය තුළ විශ්වාසය දිනාගත් එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපිට ඉන්නේ මන්තී‍්‍රවරුන් හය දෙනෙක් වුණාට, සමාජයේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා සමාජය තුළ තහවුරු කරගත් විශ්වාසය නැති කරන්න අපිට අවලාද ගහනවා.
වමේ ව්‍යාපාරයක් සමාජයේ විශ්වාසය දිනාගත්තාට මදි. සමාජ පරිවර්තනයක් සඳහා අවස්ථාව උදාවෙන්න  ඕනෑ. මේ ධනපති ක‍්‍රමය ඇතුළේ එම අවස්ථා වර්ධනය වෙමින් තිබෙනවා. රාජපක්‍ෂත් බලයට ආපු ආණ්ඩුවත් දැන් ජනතාවට එපා වෙලා. මේ දෙපාර්ශ්වයම එක විට ජනතාවට එපා වෙලා. මේ තරම් බදු බර, දඩ බර, ජනතාව මත පටවපු ආණ්ඩුවක් මීට කලින් තිබිලා නැහැ. මේ තරම් ඉක්මනට අලූතෙන් පත්වුණු ආණ්ඩුවක් ජනතාවට එපා වෙලා නැහැ. ඡුන්දය දුන් ජනතාවටත් සිවිල් සංවිධානවලටත් මේ ආණ්ඩුවට ඡුන්දය දුන්නා කියන්න ලැජ්ජයි. ඒ නිසා අවස්ථාව උදා වෙමින් තිබෙන්නේ මේ සමාජ ක‍්‍රමය වෙනස් කරන දේශපාලනය කරන ජවිපෙටයි. ඒ නිසා පක්‍ෂ නායකයින්ට මඩ ගහනවා. වැටුණු අය ඒකෙන් ගොඩ එන්න හදනවා. මඩ, අවලාද, අසත්‍ය ප‍්‍රචාර වමේ ව්‍යාපාරයට අලූත් ඒවා නෙවෙයි. ඒ නිසා  ඕනෑම වෙලාවක මේ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න අපි සූදානමින් ඉන්නවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *